Wednesday, April 1, 2020

ඇඳිරිනීතිය ඉවත් කළ පෙර දින වලට සාපේක්ෂව ඊයේ (01) දින ජනතාව නගර වලට පැමිණීමේ අඩුවක්


කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරය පැතිරයාම වැළැක්වීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙලට අනුව දිවයින පුරා පනවන ලද පොලිස් ඇඳිරි නීතිය ඊයේ (01) දින උදෑසන 6.00 සිට ප.ව.2.00 දක්වා පැය 08 කාල සීමාවක් සඳහා මාතර දිස්ත්‍රිකක්කයට ද ඉවත් කරන ලදි. ඒ ජනතාවට අවශ්‍ය ඖෂධ හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල දී ගැනීම සඳහායි.

එසේ වුවද ඇඳිරිනීතිය ඉවත් කරන ලද පෙර දින වලට සාපේක්ෂව ජනතාව නගර වලට පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණි. මාතර දිස්ත්‍රික්කයේ බොහෝ නගර වල ඇලදිරි නීතිය ඉවත් කළ පෙර දින වල තදබදයක් දක්නට ලැබුණත් ඊයේ දින එවැන්නක් දක්නට නොලැබුණි. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල දී ගැනීම සඳහා පැමිණි ජනතාව ද බොහෝ ස්ථාන වල ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මීටරයේ දුර තබා ගනිමින් පෝළිම්වල සිටියහ. පොළ භූමිවල පමණක් එසේ නොවූ අතර එවැනි ස්ථානවල ජනතාව තෙරපෙමින් භාණඩ මිල දී ගැනීමට පෙළඹී සිටියහ.

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...