Saturday, April 11, 2020

විකුණාගත නොහැකි මාතර දිස්ත්‍රික්කයේ මාළු මිල දී ගැනීමට රුපියල් ලක්ෂ 200 ක්


විකුණාගත නොහැකිව මිරිස්ස ධීවර වරායේ මාළු තොග ගොඩ ගැසී ඇති බව ධීවර සමිති නියෝජිතයින් කොවිඩ් - 19 හෙවත් කොරෝනා වෛරසය මර්දනය කිරීමේ මාතර දිස්ත්‍රික් කමිටුවට දැනුම් දීමෙන් පසු ඒ පිළිබඳව කොවිඩ් 19 හෙවත් කොරෝනා මර්දන කාර්ය සාධන බලකාය දැනුවත්කර එම බලකායේ නිර්දේශ මත රජය මගින් අදාළ මාළු තොග මිල දී ගැනීම සඳහා මාතර දිස්ත්‍රික්කයට රුපියල් ලක්ෂ 200 ක් ලබා දී තිබේ.

මේ පිළිබඳව අනාවරණය කෙරුණේ කෝවිඩ් - 19 වෛරසය මාතර දිස්ත්‍රික්කයේ පැතිර යාම වැළැක්වීම සඳහා ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සහ එහි ප්‍රගතිය පිළිබඳව සොයා බැලීම සඳහා අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු ගරු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැති සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ය.

ඒ අනුව විකුණාගත නොහැකිව මාතර දිස්ත්‍රික්කයේ ධිවර වරායන් තුළ ගොඩ ගැසී තිබෙන මාළු අස්වැන්න මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් රත්නායක මහතාගේ අධීක්ෂණය යටතේ අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශිය ලේකම් වරුන්ගේ මැදිහත්වීමෙන් රජය මගින් මිල දී ගැනීමට නියමිත ය.

මේ අවස්ථාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන මහින්ද යාපා අබේවර්ධන මහතා, ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා, සුනිල් හඳුන්නෙත්ති මහතා, කංචන විජේසේකර මහතා, මනෝජ් සිරිසේන මහතා, ප්‍රාදේශිය සභා සභාපතිවරු ඇතුළු ප්‍රදේශයේ ජනතා නියෝජිතයින්, මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් එස්.කේ වැල්ලහේවා මහතා ඇතුළු මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්, මාතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.ඩී.යූ.කරුණාරත්න මහතා ඇතුළු සෞඛ්‍ය අංශ, හමුදාව, පොලීසිය, ආපදා කළමනාකරණ, ඇතුළු රාජ්‍ය අංශවල ප්‍රධානීන්, සතොස, සමුපකාර ඇතුළු අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන රැසක් සහභාගි වී සිටියහ.

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...