Wednesday, April 1, 2020

ඇඳිරිනීතිය ඉවත් කරන අවස්ථාවල භාණ්ඩ සඟවන හා වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන වෙළඳුන් සොයා පාරිභෝගික සේවා අධිකාරියෙන් වැටලීම් - මාතර වෙළඳුන් 60 ට නඩු


කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරය පැතිරයාම වැළැක්වීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙලට අනුව දිවයින පුරා පනවන ලද පොලිස් ඇඳිරි නීතිය ඉවත් කරන අවස්ථාවල භාණ්ඩ සඟවන හා වැඩි මිල ගණන් වලට භාණ්ඩ අලෙවි කරන මාතර දිස්ත්‍රික්කයේ වෙළඳුන් සොයා දිගින් දිගටම වැටලීම් සිදු කරන බව පාරිභෝගික සේවා අධිකාරියේ මාතර දිස්ත්‍රික් කාර්යාලය සඳහන් කරයි.

පසුගිය දිනවල සිදු කරන ලද වැටලීම් වල දී පාරිභෝගික නීති උල්ලංගණය කළ මාතර දිස්ත්‍රික්කයේ වෙළඳුන් 60 දෙනෙකුට විරුද්ධව නඩු පැවරූ බව පාරිභෝගික සේවා අධිකාරියේ මාතර දිස්ත්‍රික් කාර්යාලය තව දුරටත් සඳහන් කරයි.

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...