Saturday, April 4, 2020

“කොවිඩ් - 19” හදිසි තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා මාතර දිස්ත්‍රික්කයට රුපියල් ලක්ෂ 240 ක්


කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරය පැතිරයාම වැළැක්වීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙලට සමගාමීව මාතර දිස්ත්‍රික්කයට රුපියල් ලක්ෂ 240 ක් වෙන් කර ඇති බව මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් රත්නායක මහතා පවසයි.

ඒ මහතා මේ අදහස් පලකළේ කෝවිඩ් - 19 වෛරසය මාතර දිස්ත්‍රික්කයේ පැතිර යාම වැළැක්වීම සඳහා ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සහ එහි ප්‍රගතිය පිළිබඳව සොයා බැලීම සඳහා අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු ගරු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැති සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ය.

එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට රුපියල් 1500,000 බැගින් මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16 සඳහා රුපියල් ලක්ෂ 240 ක් ලබා දී ඇති බව දිස්ත්‍රික් ලේකම් වරයා වැඩිදුරටත් පැවසී ය.

මේ අවස්ථාවට  මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී පරදුව ජිනරතන නාහිමියන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන මහින්ද යාපා අබේවර්ධන මහතා, ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා, සුනිල් හඳුන්නෙත්ති මහතා, කංචන විජේසේකර මහතා, නිරෝෂන් ප්‍රේමරත්න මහතා, මනෝජ් සිරිසේන මහතා, මාතර නගරාධිපතිතුමන්, ප්‍රාදේශිය සභා සභාපතිවරු ඇතුළු ප්‍රදේශයේ ජනතා නියෝජිතයින්, මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් එස්.කේ වැල්ලහේවා මහතා ඇතුළු මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්, මාතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.ඩී.යූ.කරුණාරත්න මහතා ඇතුළු සෞඛ්‍ය අංශ, හමුදාව, පොලීසිය, ආපදා කළමනාකරණ, ඇතුළු රාජ්‍ය අංශවල ප්‍රධානීන්, සතොස, සමුපකාර ඇතුළු අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන රැසක් සහභාගි වී සිටියහ.

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...