රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය මගින්
විශ්‍රාම වැටුප් ලාභීන්ට තම විශ්‍රාම වැටුප ලබා ගැනීම සඳහා අද (02) හෙට (03) සහ අප්‍රේල්
06
වැනිදා පහසුකම්
සලසා ඇත.
ඒ අනුව මාතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය හා පෞද්ගලික
බැංකුවලින් මෙන්ම ග්‍රාමීය බැංකුවලින් විශ්‍රාම වැටුප් ලබා
ගන්නා විශ්‍රාමිකයින්ගේ නිවස අසලට ම ගොස් බස් රථ වලින් රැඟෙන විත් බැංකු වලින් විශ්‍රාම වැටුප් ලබා ගැනීමෙන් අනතුරුව
නැවත නිවෙස් වෙත රැඟෙන යාමට කටයුතු සලසා තිබුණි.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ මගින් විශ්‍රාම
වැටුප් ලාභීන් ප්‍රවාහනය සිදු කෙරිණි. විශ්‍රාම වැටුප් ලබා ගැනීමට පැමිණිමේ දී
විශ්‍රාමික හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් වශයෙන් භාවිත කිරීමට අවසර ලබා දී තබුණි.
අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු අදාළ ප්‍රදේශවල ග්‍රාම
නිලධාරී වරුන් සහ යුද හමුදා නිලධාරින් සිදු කරන ලදි.
No comments:
Post a Comment