කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් රටේ ඇති
වී තිබෙන තත්ත්වය හමුවේ ඉදිරියට
කුමන තත්වයක් ඇති වුව ද කිරින්ද - පුහුල්වැල්ල ප්‍රදේශයේ ජනතාවට ආහාර ලබා දිම අරමුණු
කර ගනිමින් කිරින්ද - පුහුල්වැල්ල පුර්වාරාම පිරිවෙන් විහාරස්ථානයේ ස්වාමීන්
වහන්සේලා එම විහාරස්ථානයට
අයත් පුරන් ව පවතින කුඹුරක් යොදා ගනිමින් කෙටි කාලයකින්
ඵලදාව ලබා ගත හැකි බෝග වගා කිරිම සඳහා කටයුතු කර තිබේ.
ඒ අනුව මුං ඇට, රාබු, නිවිති, මෑකරල් වැනි භෝග මෙම භූමිය තුළ වගා කිරිමට
එම ස්වාමින් වහන්සේලා කටයුතු කරමින් සිටී. මේ සඳහා ගමේ දායකයින්ගේ
දායකත්වය ද ලැබෙන බව කිරින්ද - පුහුල්වැල්ල පුර්වාරාම විහාරස්ථානයේ විහාරවාසි, පරිවෙනාධිපති කළුබෝවිටියන
කස්සප නායක හිමිපාණන්
වහන්සේ පැවසූහ.
No comments:
Post a Comment