ගැබිණි මව් වරුන්ට පෝෂණ මල්ලක් ලබා දීමේ ජාතික වැඩපිළිවෙලට
සමගාමීව මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 16 හි ගැබිණි මව්වරුන්
10,000 ට ආසන්න පිරිසකට පසුගිය මාසය සඳහා රජය මගින් ලබා දෙන පෝෂණ මල්ල ලබාදුන් බව මාතර
දිස්ත්‍රික් මුල් ළමාවිය සංවර්ධන නිලධාරී ඊ.එල්.ජී.මහේෂ් ප්‍රීති කුමාර මහතා පවසයි.
මෙම එක් පෝෂණ මල්ලක වටිනාකම රුපියල් 2000 ක්
වන අතර ගර්භණී සමය ගෙවෙන
මාස 10 ක කාල
සිමාව තුළ මෙම සහනය ලබා දිම රජය විසින් සිදු කරනු ලබයි.
මේ යටතේ මාතර දිස්ත්‍රික්කයේ වැඩිම ගැබිණි මාතාවන් පිරිසකට පෝෂණ
මල්ල ලබා දී ඇත්තේ මාතර කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වන අතර එම ප්‍රමාණය 2000 ට ආසන්න වේ. එසේම
දිස්ත්‍රික්කයේ අඩුම පිරිසකට පෝෂණ මල්ල ලබා දී තිබෙන්නේ කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශිය
ලේකම් කොට්ඨාසයේ වන අතර එම ප්‍රමාණය 200 කි.
කාන්තා හා ළමා කටයුතු, සමාජ ආරක්ෂණ, සෞඛ්‍ය සහ දේශිය වෛද්‍ය අමාත්‍යංශය මගින් මෙම වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ.
No comments:
Post a Comment