කොවිඩ් - 19 වෛරසය හෙවත් කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් අපහසුතාවට පත් මාතර දිස්ත්‍රික්කයේ
ජනතාවට පළමු අදියර යටතේ එක් පවුලකට රුපියල් 5000 බැගින් පවුල් 229563 ට රුපියල් 1,147,815,000 ක මුදලක් ලබා දී තිබේ.
මේ බව අනාවරණය කෙරුණේ
කොවිඩ් - 19 වෛරසය හෙවත් කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල
පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සහ එහි ප්‍රගතිය පිළිබඳව සොයා බැලීම සඳහා සෞඛ්යාරක්ෂිත ක්රමවේද අනුගමනය කරමින් එකොළොස් වන වරටත් අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු
ගරු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර දිස්ත්‍රික්
ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවති සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී ය.
එහි දී තවදුරටත් අනාවරණය කෙරුණේ අදාළ දීමනා වැඩිහිටි දීමනාව (පොරොත්තු ලේඛනය ද ඇතුලත්ව) ප්‍රතිලාභීන් 31059 ට රුපියල් 155,295,000 ක මුදලක් ද, ආබාධිත දීමනාව (පොරොත්තු ලේඛනයද ඇතුලත්ව) ප්‍රතිලාභීන් 5,819 ට රුපියල් 29,095,000
ක මුදලක් ද, අවුරුදු 100 ඉක්ම වූ වැඩිහිටියන් සඳහා ගෙවන දීමනාව ප්‍රතිලාභීන් 47 ට රුපියල් 235,000 මුදලක් ද,
වකුගඩු රෝගීන් සඳහා වූ දීමනාව (පොරොත්තු ලේඛනය ද ඇතුලත්ව) ප්‍රතිලාභීන් 953 ට රුපියල් 4,765,000
ක මුදලක් ද, සමෘද්ධිලාභීන් සඳහා ප්‍රතිලාභ
ලබාදීම (පොරොත්තු ලේඛනයද
ඇතුලත්ව) පවුල් 93787 ට රුපියල් 468,935,000 ක මුදලක් ද, ජීවනෝපාය අහිමි වූවන් සඳහා ප්‍රතිලාභ ගෙවීම (අනු පවුල් ද ඇතුලත්ව) පවුල් 97898 ට රුපියල් 489,490,000
ක මුදලක් ද වශයෙන් ගෙවා
ඇති බවයි.
මෙහි දී මාතර දිස්ත්‍රික්කයේ
සෞඛ්‍ය තත්ත්වය, ආරක්ෂක තත්ත්වය හා ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක
කරන වැඩසටහන් පිළිබඳව ද විශේෂයෙන් සාකච්ඡා කෙරිණි.
මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා, මාතර අතිරේක
දිස්ත්‍රික් ලේකම්වරු, මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය
ලේකම්වරු, මාතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.ඩී.යූ.කරුණාරත්න
මහතා ඇතුළු සෞඛ්‍ය අංශ, හමුදාව, පොලීසිය, ආපදා කළමනාකරණ, ඇතුළු රාජ්‍ය අංශවල ප්‍රධානීන්, සතොස, සමුපකාර ඇතුළු අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන රැසක් ද සහභාගි වී සිටියහ.
No comments:
Post a Comment