කොවිඩ් - 19 වෛරසය හෙවත් කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් ඉදිරියේ දී ආහාර අර්බුදයක් ඇති
නොවීම සඳහා සෑම බිම් අඟලක්ම වගා කිරීමට රජය ගෙනයන වැඩපිළිවෙලට සමගාමීව මාතර - අකුරැස්සේ අමලගොඩ සිට මැලැව්ව දක්වා වූ පුරන් කුඹුරු අස්වැද්දීම පසුගියදා ආරම්භ
කෙරිණි.
අකුරැස්ස දස
මහා බෝධි විහාරාධිපති මාතර දිස්ත්‍රික් බෞද්ධ කටයුතු සමායෝජක ගෞරවණීය දිද්දෙනිපොත නන්දරතන
නාහිමියන්ගේ මැදිහත් වීමෙන් ප්‍රදේශයේ අදාළ ගොවීන්ගේ ද සහයෝගය ලබාගෙන මෙම පුරන් කුඹුරු
අස්වැද්දීමේ කටයුත්ත සිදු කරන ලදි.
අක්කර 29 ක් වූ මෙම කුඹුරු
යායේ ඇතැම් කුඹුරු වසර 30 කින් වගා කර නොමැත.
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ
අකුරැස්ස ගොවිජන සේවා මධ්‍යස්ථානය මගින් මේ සඳහා අවශ්‍ය බිත්තර වී නොමිලේ ලබා දීම සිදු
කෙරිණි.
ගොවිජන සංවර්ධන නිලධාරී යමුනා
සන්නසූරිය මහත්මිය, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර එස්.එම්.පී.චන්ද්‍රසිරි මහතා,
අකුරැස්ස කෘෂිකර්ම උපදේශක මහතා හා ගොවි සංවිධානයේ සභාපති ජී.චමින්ද මහතා මේ සඳහා අවශ්‍ය
සහයෝගය ලබා දීම හා සම්බන්ධීකරණ කටයුතු සිදු කරන ලදි.
No comments:
Post a Comment