කොවිඩ් - 19 වෛරසය හෙවත් කොරෝනා වෛරසය මාතර දිස්ත්‍රික්කයේ පැතිර යාම වැළැක්වීම සඳහා ක්‍රියාත්මක
කරන වැඩපිළිවෙල පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සහ එහි ප්‍රගතිය පිළිබඳව සොයා බැලීම සඳහා
වූ සම්බන්ධීකරණ කමිටු රැස්වීම සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් දස වන වරටත් මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක
මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී
ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මෙහි දී මාතර දිස්ත්‍රික්කයේ
සෞඛ්‍ය තත්ත්වය, ආරක්ෂක තත්ත්වය හා ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක
කරන වැඩසටහන් පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා කෙරිණි.
මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය
ලේකම්වරුන්, මාතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ඒ.ඩී.යූ.කරුණාරත්න
මහතා ඇතුළු සෞඛ්‍ය අංශ, හමුදාව, පොලීසිය, ආපදා කළමනාකරණ, ඇතුළු රාජ්‍ය අංශවල ප්‍රධානීන්, සතොස, සමුපකාර ඇතුළු අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන රැසක් ද සහභාගි වී සිටියහ.
No comments:
Post a Comment