Monday, May 4, 2020

මාතර දිස්ත්‍රික්කයේ ජනමාධ්‍යවේදීන්ට ද්‍රව්‍යමය ආධාර





කොවිඩ් - 19 වෛරසය හෙවත් කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙලට සමගාමීව පනවන ලද ඇඳිරි නීතිය හේතුවෙන් පීඩාවට පත් මාතර දිස්ත්‍රික්කයේ ජනමාධ්‍යවේදීන්ට ද්‍රව්‍යමය ආධාර ලබාදීම පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණි.
 

මෙම ද්‍රව්‍යමය ආධාර සඳහා අනුග්‍රහය ලබා දෙන ලද්දේ මාතර ඕසෝන් සිටි කැම්පස් ආයතනයේ කලමණාකාර අධ්‍යක්ෂ තාරක ජයනාත් මහතා ප්‍රමුඛ කාර්ය මණ්ඩලයයි. ඔවුන් විසින් අදාල ද්‍රව්‍යමය ආධාර නිළ වශයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා වෙත භාර දීමෙන් අනතුරුව මාතර දිස්ත්‍රික් ලේකම් වරයා විසින් සංඛේතාත්මකව මාතර දිස්ත්‍රික්කයේ ජනමාධ්‍යවේදීන් දෙදෙනෙකුට අදාළ ආධාර පාර්සල් පිරිනැමීම සිදු කරන ලදි.


මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ උපදෙස් පරිදි මාතර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය මගින් මාතර දිස්ත්‍රික්කයේ අනෙකුත් ජනමාධ්‍යවේදීන් සඳහා එම ආධාර බෙදා දෙන ලදි.

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...