කොවිඩ් - 19 වෛරසය හෙවත් කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ඇඳිරි නීතිය පැනවීමේ ප්‍රතිඵලයක්
වශයෙන් සාමාන්‍ය ජන ජීවිතය අකර්මණ්‍ය වූ අතර ගොවි ජනතාවගේ නිෂ්පාදන අලෙවිය සම්බන්ධයෙන්
ද ගැටළු මතු විය.
සෑම බිම් අඟලක්ම වගා
කිරීමට රජය ගෙනයන වැඩපිළිවෙලට සමගාමීව ඉදිරි කන්නයේ දී කෘෂි නිෂ්පාදන වැඩි වශයෙන්
වෙළඳ පොලට පැමිණීමට නියමිත බැවින් පසු අස්වනු හානිය අවම කරමින් එම අස්වනු පාරිභෝගිකයා
අතට පත් කිරීමේ වැඩපිළිවෙලක් මාතර දිස්ත්‍රික්කයේ ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
ඒ අනුව ඉදිරියේ දී
මාතර දිස්ත්‍රික්කයේ සියලුම කෘෂි උපදේශක කොට්ඨාස නියෝජනය වන අයුරින් ගොවි කාන්තා සමිති
හරහා මෙම ජාලය ක්‍රියාත්මක කිරීමට නියමිත ය.
මේ පිළිබඳව සාකච්ඡා
කිරීම සඳහා වූ වැඩසටහනක් මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) නිශාන් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර
දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික්කයේ
ප්‍රාදේශීය ලේකම්වරු, මාතර දිස්ත්‍රික් කෘසිකර්ම අධ්යක්ෂ අයි.ආර්.එන්. අබේදීර මහත්මිය,
කෘෂිකර්මාන්තයට සම්බන්ධ ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
මාතර දිස්ත්‍රික් කෘෂිකර්ම
අංශය වැඩසටහන සංවිධානය කරන ලදි.
No comments:
Post a Comment