Thursday, May 7, 2020

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය කාර්ය මණ්ඩලයෙන් දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභීන්ට වියළි ආහාර


කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙලට සමගාමීව පනවන ලද ඇඳිරි නීතිය හේතුවෙන් පීඩාවටපත් මාතර දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් 800 ක් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය ලබා දීමට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය අද (07) වෙසක් පුන් පොහෝ දින කටයුතු කරන ලදි.

මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ සංකල්පයක් අනුව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය නිලධාරීන්ගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් මෙම වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීම සිදු කරන අතර එක් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයකින් අඩු ආදායම්ලාභී පවුල් 50 බැගින් මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 16 නියෝජනය කරමින් තෝරාගත් අඩු ආදායම්ලාභී පවුල් 800 ක් සඳහා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් කණ්ඩායම් 16 ක් ඔවුන්ගේ නිවෙස් වෙත ගොස් මෙම වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීම සිදු කෙරිණි.

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...