Thursday, April 30, 2020

මාතර දිස්ත්‍රික්කයේ ආබාධ සහිත පුද්ගලයින්ට රුපියල් මිලියන 25.11 ක මුදලක් පිරිනැමේ


කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙලට සමගාමීව පනවන ලද ඇඳිරි නීතිය හේතුවෙන් පීඩාවට පත් මාතර දිස්ත්‍රික්කයේ ආබාධ සහිත පන්දහස් විසිදෙදෙනෙකු (5022) සඳහා රාජ්‍ය සහනාධාර වශයෙන් රුපියල් 5000 බැගින් රුපියල් මිලියන 25.11 ක මුදලක් ගෙවා ඇති බව මාතර දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරී ලලිත් ප්‍රදීප් කුමාර මහතා පවසයි.

ඒ අනුව ඔහු වැඩි දුරටත් පැවසුවේ අකුරැස්ස ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ආබාධ සහිත පුද්ගලයින් 308 දෙනෙකු සඳහා රුපියල් මිලියන 1.54 ක මුදලක් ද, දෙවිනුවර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ආබාධ සහිත පුද්ගලයින් 441 දෙනෙකු සඳහා රුපියල් මිලියන 2.205 ක මුදලක් ද, දික්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ආබාධ සහිත පුද්ගලයින් 352 දෙනෙකු සඳහා රුපියල් මිලියන 1.76 ක මුදලක් ද, හක්මණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ආබාධ සහිත පුද්ගලයින් 236 දෙනෙකු සඳහා රුපියල් මිලියන 1.18 ක මුදලක් ද, කඹුරුපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ආබාධ සහිත පුද්ගලයින් 219 දෙනෙකු සඳහා රුපියල් මිලියන 1.095 ක මුදලක් ද, කොටපොල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ආබාධ සහිත පුද්ගලයින් 332 දෙනෙකු සඳහා රුපියල් මිලියන 1.66 ක මුදලක් ද, මාලිම්බඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ආබාධ සහිත පුද්ගලයින් 305 දෙනෙකු සඳහා රුපියල් මිලියන 1.525 ක මුදලක් ද, මාතර කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ආබාධ සහිත පුද්ගලයින් 540 දෙනෙකු සඳහා රුපියල් මිලියන 2.7 ක මුදලක් ද, මුලටියන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ආබාධ සහිත පුද්ගලයින් 369 දෙනෙකු සඳහා රුපියල් මිලියන 1.845 ක මුදලක් ද, පස්ගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ආබාධ සහිත පුද්ගලයින් 339 දෙනෙකු සඳහා රුපියල් මිලියන 1.695 ක මුදලක් ද, පිටබැද්දර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ආබාධ සහිත පුද්ගලයින් 398 දෙනෙකු සඳහා රුපියල් මිලියන 1.99 ක මුදලක් ද, තිහගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ආබාධ සහිත පුද්ගලයින් 208 දෙනෙකු සඳහා රුපියල් මිලියන 1.04 ක මුදලක් ද, වැලිගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ආබාධ සහිත පුද්ගලයින් 186 දෙනෙකු සඳහා රුපියල් මිලියන 0.93 ක මුදලක් ද, වැලිපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ආබාධ සහිත පුද්ගලයින් 401 දෙනෙකු සඳහා රුපියල් මිලියන 2.005 ක මුදලක් ද,  අතුරලිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ආබාධ සහිත පුද්ගලයින් 189 දෙනෙකු සඳහා රුපියල් මිලියන 0.945 ක මුදලක් ද, කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ආබාධ සහිත පුද්ගලයින් 200 දෙනෙකු සඳහා රුපියල් මිලියනයක මුදලක් ද වශයෙන් මාතර දිස්ත්‍රික්කයේ ආබාධ සහිත පුද්ගලයින් 5022 දෙනෙකු සඳහා රුපියල් මිලියන 25.11 ක මුදලක් ලබා දී ඇති බවයි.

කොරෝනා වෛරසය මෙන්ම ඩෙංගු මර්දනයට ද සහාය දෙන්න - මාතර දිස්ත්‍රික් සෞඛ්‍ය ...

Wednesday, April 29, 2020

මාතර දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට රුපියල් මිලියන 147.26 ක මුදලක්


කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙලට සමගාමීව පනවන ලද ඇඳිරි නීතිය හේතුවෙන් පීඩාවටපත් මාතර දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විසි නවදහස් හාරසිය පනස් දෙදෙනෙකු (29452) සඳහා රාජ්‍ය සහනාධාර වශයෙන් රුපියල් 5000 බැගින් රුපියල් මිලියන 147.26 ක මුදලක් ලබා දී ඇති බව මාතර දිස්ත්‍රික් වැඩිහිටි ප්‍රවර්ධන සහකාර චමිලා සමරසිංහ මහත්මිය සඳහන් කරයි.
 
ඒ අනුව ඇය වැඩි දුරටත් සඳඑහන් කළේ අකුරැස්ස ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 2210 දෙනෙකු සඳහා රුපියල් මිලියන 11.05 ක මුදලක් ද, දෙවිනුවර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 2200 දෙනෙකු සඳහා රුපියල් මිලියන 11 ක මුදලක් ද, දික්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 1557 දෙනෙකු සඳහා රුපියල් මිලියන 7.785 ක මුදලක් ද, හක්මණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 1167 දෙනෙකු සඳහා රුපියල් මිලියන 5.835 ක මුදලක් ද, කඹුරුපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 1813 දෙනෙකු සඳහා රුපියල් මිලියන 9.065 ක මුදලක් ද, කොටපොල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 1804 දෙනෙකු සඳහා රුපියල් මිලියන 9.02 ක මුදලක් ද, මාලිම්බඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 1624 දෙනෙකු සඳහා රුපියල් මිලියන 8.12 ක මුදලක් ද, මාතර කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 3344 දෙනෙකු සඳහා රුපියල් මිලියන 16.72 ක මුදලක් ද, මුලටියන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 2236 දෙනෙකු සඳහා රුපියල් මිලියන 11.18 ක මුදලක් ද, පස්ගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 2689 දෙනෙකු සඳහා රුපියල් මිලිය 13.445 ක මුදලක් ද, පිටබැද්දර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 1552 දෙනෙකු සඳහා රුපියල් මිලියන 7.76 ක මුදලක් ද, තිහගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 1591 දෙනෙකු සඳහා රුපියල් මිලියන 7.955 ක මුදලක් ද, වැලිගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 1638 දෙනෙකු සඳහා රුපියල් මිලියන 8.19 ක මුදලක් ද, වැලිපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 1800 දෙනෙකු සඳහා රුපියල් මිලියන 9 ක මුදලක් ද,  අතුරලිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 1398 දෙනෙකු සඳහා රුපියල් මිලියන 6.99 ක මුදලක් ද, කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 829 දෙනෙකු සඳහා රුපියල් මිලියන 4.145 ක මුදලක් ද වශයෙන් මාතර දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 29452 දෙනෙකු සඳහා රුපියල් මිලියන 147.26 ක මුදලක් ලබා දී ඇති බවයි.

ඇඳිරි නීතිය ඉවත් කිරීම හමුවේ මාතර බස් නැවතුම්පොලේ තත්ත්වය

වැලිපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජනතාවට සහන සැලසීම

පන්සලෙන් ගමට ආහාර දීමට කිරින්ද - පුහුල්වැල්ල පුර්වාරාම පිරිවෙනේ ස්වාමීන් වහන්සේලා සැරසෙති


කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් රටේ ඇති වී තිබෙන තත්ත්වය හමුවේ ඉදිරියට කුමන තත්වයක් ඇති වුව ද කිරින්ද - පුහුල්වැල්ල ප්‍රදේශයේ ජනතාවට ආහාර ලබා දිම අරමුණු කර ගනිමින් කිරින්ද - පුහුල්වැල්ල පුර්වාරාම පිරිවෙන් විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා එම විහාරස්ථානයට අයත් පුරන් ව පවතින කුඹුරක් යොදා ගනිමින් කෙටි කාලයකින් ඵලදාව ලබා ගත හැකි බෝග වගා කිරිම සඳහා කටයුතු කර තිබේ.

ඒ අනුව මුං ඇට, රාබු, නිවිති, මෑකරල්‍ වැනි භෝග මෙම භූමිය තුළ වගා කිරිමට එම ස්වාමින් වහන්සේලා කටයුතු කරමින් සිටී. මේ සඳහා ගමේ දායකයින්ගේ දායකත්වය ද ලැබෙන බව කිරින්ද - පුහුල්වැල්ල පුර්වාරාම විහාරස්ථානයේ විහාරවාසි, පරිවෙනාධිපති කළුබෝවිටියන කස්සප නායක හිමිපාණන් වහන්සේ පැවසූහ.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...