Saturday, September 4, 2021

දෙවිනුවර ජනතාවට කහ පැළ බෙදා දෙයි


අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක දේශීය කහ වලින් රට ස්වයංපෝෂිත කිරීමේ වැඩසටහනට සමගාමීව මාතර දිස්ත්රික්කයේ ජනතාවට කහ පැළ බෙදාදීමේ තවත් අදියරක් අද (04) දින ක්‍රියාවට නැංවිණි.

ඒ අනුව දෙවිනුවර ආසනයේ ජනතාවට කහ පැළ බෙදා දීමේ වැඩසටහනක් නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් සංකේතාත්මකව සිදු කෙරිණි.

සෑම නිවසකට ම කහ පැළ බෙදා දීම මගින් නිවසේ අවශ්‍යාවට සරිලන කහ ගෙවත්තෙන් ම සපයා ගැනීම සඳහා ජනතාව දිරි ගැන්වීම මෙම ව්යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන අරමුණයි.

දෙවිනුවර ආසනයේ ග්රාම නිලධාරී කොට්ඨාස 89 ක් ආවරණය වන පරිදි මෙම කහ පැළ බෙදා දීමේ වැඩසටහන ක්රියාත්මක කිරීමට නියමිත ය.

මේ අවස්ථාවට වැඩසටහන ක්‍රියාවට නැංවීම සඳහා අත්‍යවශ්‍ය කිහිපදෙනෙක් පමණක් සහභාගි වී සිටියහ.

(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මාතර)

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...