කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය යටතේ පුද්ගල හමුවීම් සීමාකර ඇති බැවින් මෙම සාකච්ඡාව Zoom තාක්ෂණය ඔස්සේ මාර්ගගතව සිදු කරන ලදි.
මෙහි දී කොවිඩ් 19 පාලනය, එන්නත්කරණය, නිරෝධායන පවුල් වෙනුවෙන් පහසුකම් සැපයීම සහ සංවර්ධන කටයුතු පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා කරන ලදි.
දෙවිනුවර ප්‍රාදේශිය සභා බල ප්රදේශයේ වයස අවුරුදු 60 ඉක්ම වූ එකදු එන්නත් මාත්රාවක් හෝ එන්නත්කරණය නොකරන ලද පුද්ගලයින් 388 දෙනෙක් සහ දික්වැල්ල බල ප්රදේශයේ පුද්ගලයින් 783 දෙනෙක් සිටි අතර ඔවුන් සියලු දෙනා ඊයේ (31) දින සිට එන්නත්කරණය කිරීම ආරම්භ කෙරිණි.
එසේ ම වයස අවුරුදු 30 ත් 60 ත් අතර වයස් කාණ්ඩයේ එක් මාත්රාවක් හෝ ලබා නොගත් දෙවිනුවර ප්‍රාදේශිය සභා බල ප්රදේශයේ පුද්ගලයින් 1804 දෙනෙක් සහ දික්වැල්ල ප්‍රාදේශිය සභා බල ප්රදේශයේ පුද්ගලයින් 3431 දෙනෙක් සිටි අතර ඔවුන් සියලු දෙනා ද ඊයේ (31) දින සිට එන්නත්කරණය කිරීම ආරම්භ කරන ලදි.
මේ අවස්ථාවට දෙවිනුවර සහ දික්වැල්ල ප්රාදේශීය සභා බලප්‍රදේශ දෙකේ ප්‍රාදේශිය සභා නියෝජිතයන් හා ග්‍රාමීය කමිටු නායකයින් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මාතර)
No comments:
Post a Comment