මාතර දිස්ත්රික්කයේ වයස අවුරුදු 20 - 30 ත් අතර තරුණ තරුණියන් සඳහා කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීම ඊයේ දින සිට ආරම්භ කළ අතර ඒ අනුව අද (09) දින පෙ.ව. 8.00 සිට අකුරැස්ස ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ගොඩපිටිය ජාතික පාසලේ දී ෆයිසර් එන්නත් මාත්‍රා 3726 ක්, අතුරලිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ සදාස් මුස්ලිම් විද්‍යාලයේ දී ෆයිසර් එන්නත් මාත්‍රා 2610 ක්, මාලිම්බඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ සුමේධ මහා විද්‍යාලයේ දී ෆයිසර් එන්නත් මාත්‍රා 2478 ක් සහ කඹුරුපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ නාරන්දෙණිය ජාතික පාසලේ දී ෆයිසර් එන්නත් මාත්‍රා 2181 ක් හා ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා 336 වශයෙන් එන්නත් මාත්‍රා 11331 ක් ලබා දී තිබේ.
මෙම එන්නත්කරණ වැඩසටහන ශ්රී ලංකා යුද හමුදාවේ වෛද්‍ය බලකායේ කණ්ඩායම් හතරක් විසින් සිදු කෙරේ.
හෙට (2021.09.10) දින පෙ.ව. 8.00 සිට හක්මණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ හක්මණ නගර ශාලාව, කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලය, තිහගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ තිහගොඩ ජාතික පාසල සහ පස්ගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ඌරුබොක්ක ජාතික පාසල යන ස්ථාන වල දී එන්නත්කරණ කටයුතු සිදු කිරීමට නියමිත ය.
අනන්‍යතාවය තහවුරුකර ගැනීම සඳහා ජාතික හැඳුනුම්පතත් රැඟෙන අදාළ දින වල දී තමන් පදිංචි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් එන්නත්කරණ මධ්‍යස්ථානය වෙත පැමිණ කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගැනීම සිදු කළ යුතුය.
(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මාතර)
No comments:
Post a Comment