මාතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ආයුර්වේද රෝහල වන අපරැක්ක ආයුර්වේද රෝහල කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වශයෙන් නවීකරණය කර ජනතා අයිතියට පත් කිරීම, මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති, දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මෙම කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානය ඇඳන් 106 කින් සමන්විත වන අතර රෝගී තත්ත්වය අනුව දෙවන සහ තුන්වන අවස්ථාවන් වල පසුවන කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් සඳහා මෙහි දී ප්‍රතිකාර සිදු කිරීමට නියමිත ය.
මේ වන විට මාතර දිස්ත්‍රික්කය තුළ අපරැක්ක ආයුර්වේද රෝහල හා වරල්ල දිසානායක ආයුර්වේද රෝහල කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස නවීකරණය කර ඇති අතර එම රෝහල් දෙක තුළ කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් 200 කට ප්‍රතිකාර කිරීමට පහසුකම් සලසා ඇත.
දේශීය ආයුර්වේද ප්‍රතිකාර සඳහා යොමු වීමට කැමැත්තක් දක්වන, කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් සඳහා මෙය මහත් අස්වැසිල්ලක් වනු ඇත.
මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතා ඇතුළු ප්‍රදේශයේ ජනතා නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහභාගි වී සිටියහ.
(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මාතර)
No comments:
Post a Comment