පිටබැද්දර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ සියඹලාගොඩ - වනසිංකන්ද ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් කටයුතු පිළිබඳව සොයා බැලීම සඳහා මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතා පසුගියදා සහභාගි විය.
මෙම ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ දහයකට අධික මුදලක් වැය කෙරෙන අතර ඉතා කෙටි කලක දී මෙය ජනතා අයිතියට පත්කිරීමට සැලසුම් කර තිබේ.
ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ ක්‍රීඩා දක්ෂතා වැඩි දියුණු කරගැනීම සඳහා අවස්ථාව සලසා දීම මෙම ක්‍රීඩාංගණය ඉදි කිරීමේ ප්‍රධාන අරමුණයි.
මේ අවස්ථාවට ප්‍රදේශයේ ජනතා නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මාතර)
No comments:
Post a Comment