දකුණු පළාතේ කොවිඩ් 19 වෛරසය ආසාදිත පුද්ගලයින්ගේ රෝග තත්ත්වයන් අනුව ප්රතිකාර මධ්යස්ථාන හා නිවෙස් නිරෝධායනය සඳහා යොමු කිරීමට නව ක්රමවේදයක් අද (02) සිට හඳුන්වා දී තිබේ.
ඒ අනුව කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගියාගේ පහත සඳහන් තොරතුරු ඇතුළත් කොට 1904 යන දුරකථන අංකයට යොමු කළ යුතුයි.
මෙම SMS පණිවුඩය යොමු කිරීමේ දී රෝගීන්ගේ තත්ත්ව වර්ගීකරණ තුනක් දක්වා ඇත.
1. ස්වසන අපහසුතා ඇති රෝගීන් - A
2. උණ තත්ත්වයෙන් පෙළෙන රෝගීන් - B
3. කිසිඳු රෝග ලක්ෂණයක් නොමැති රෝගීන් - C
කෙටි පණිවුඩය යොමු කළ යුතු ආකාරය
රෝගීන්ගේ තත්ත්ව වර්ගීකරණ(A,B,C){Space}වයස{Space}ජා.හැ.අ{Space}ලිපිනය.
(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මාතර)
No comments:
Post a Comment