කොවිඩ් 19 වෛරසය ආසාදිතව නිවෙස් වල සිටින රෝගීන් සඳහා ආයුර්වේද ප්රතිකාර ලබාදීම වෙනුවෙන් ස්ථාපිත කරන ලද මාතර දිස්ත්රික් අයුර්වේද මෙහෙයුම් කාර්යාලය තෙලිජ්ජවිල පිහිටි මාලිම්බඩ ප්රාදේශීය සභා පුස්තකාල ගොඩනැගිල්ලේ දී පසුගියදා විවෘත කරන ලදි.
මෙම මධ්යස්ථානය මගින් මාතර දිස්ත්රික්කයේ නිවෙස් වල සිටින කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන්ට ප්රතිකාර ලබා දිමට අවශ්ය ආයුර්වේද ඖෂධ හා නිරෝධායනය වන පුද්ගලයින්ට අවශ්ය ප්රතිශක්තිකරණ ඖෂධ ප්රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සිටින ආයුර්වේද ප්රජා සෞඛ්ය වෛද්ය නිලධාරීන් හරහා විධිමත් ක්රමවේදයක් මගින් බේදාහැරිම සිදු කරනු ලබයි.
ඒ අනුව මාතර දිස්ත්රික්කයේ කොවිඩ් 19 වෛරසය ආසාදිත ජනතාවට මෙන්ම නිරෝධායනය වන පවුල් සඳහා ද අවශ්ය ආයුර්වේද ඖෂධ නිවසටම ගෙන්වා ගත හැකි අතර තමන්ගේ රෝගී තත්ත්වය අදාළ ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ආයුර්වේද ප්රජා සෞඛ්ය වෛද්ය නිලධාරී වරයාට දුරකථන මාර්ගයෙන් දැනුම් දිම මගින් අවශ්ය ආයුර්වේද ඖෂධ නිවසට ගෙන්වා ගැනිමේ හැකියාව පවතී.
දකුණු පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව මෙම සත්කාර්යය ක්‍රියාවට නංවයි.
මේ අවස්ථාවට දකුණු පළාත් ආයුර්වේද කොමසාරිස් කරුණා හේවගේ මහත්මිය, මාලිම්බඩ ප්රාදේශීය ලේකම් රවීන්ද්ර ජයනාත් මහතා, මාලිම්බඩ ප්රාදේශීය සභාවේ සභාපති සෝමවීර වීරමන් මහතා ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මාතර)
No comments:
Post a Comment