Saturday, September 11, 2021

වැලිගම, වැලිපිටිය හා දික්වැල්ල 20 – 30 අතර තරුණ තරුණියන් එන්නත්කරණය කෙරේ

 


මාතර දිස්ත්රික්කයේ වයස අවුරුදු 20 - 30 ත් අතර තරුණ තරුණියන් සඳහා ෆයිසර් කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීමේ වැඩසටහන යටතේ අද (11) දින පෙ.ව. 8.00 සිට සිට දික්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ දික්වැල්ල විජිත මහා විද්‍යාලය, වැලිගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කොටවිල ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානය හා වැලිගම සිද්ධාර්ථ මහා විද්‍යාලය සහ වැලිපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කොක්මාදූව මහා විද්‍යාලය යන ස්ථාන වල දී එන්නත්කරණ කටයුතු සිදු කරන ලදි.

මෙම එන්නත්කරණ වැඩසටහන ශ්රී ලංකා යුද හමුදාවේ වෛද්‍ය බලකායේ කණ්ඩායම් හතරක් විසින් සිදු කෙරේ.

හෙට (2021.09.12) දින පෙ.ව. 8.00 සිට කොටපොල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ දෙණියාය මහා විද්‍යාලය, පිටබැද්දර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ඩඩ්ලි සේනානායක විද්‍යාලය, මුලටියන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ මාකඳුර ජාතික පාසල සහ දෙවිනුවර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ දෙවිනුවර මහජන ක්‍රීඩාංගනය යන ස්ථාන වල දී එන්නත්කරණ කටයුතු සිදු කිරීමට නියමිත ය.

අනන්‍යතාවය තහවුරුකර ගැනීම සඳහා ජාතික හැඳුනුම්පතත් රැඟෙන අදාළ දින වල දී තමන් පදිංචි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් එන්නත්කරණ මධ්‍යස්ථානය වෙත පැමිණ කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගැනීම සිදු කළ යුතුය.

(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මාතර)

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...