කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නතේ කිසිඳු මාත්රාවක් ලබා නොගත් ඇවිදිමට නොහැකි වයස අවුරුදු 60 ඉක්ම වූ මාතර දිස්ත්රික්කයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ඔවුන්ගේ නිවෙස් වලට ම ගොස් එන්නත්කරණය කිරීමේ කටයුතු යුද හමුදාව විසින් මේ දිනවල ක්‍රියාත්මක කෙරෙමින් පවතී.
ඒ අනුව මාතර දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි මෙම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාවට නැංවෙන අතර ග්රාම නිලධාරී මහත්ම මහත්මීන් මාර්ගයෙන් මාතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී කොට්ඨාස 650 තුළ ජීවත් වන වයස අවුරුදු 60 ඉක්ම වූ වයෝවෘද්ධ පිරිස් පිළිබඳ සියලු ම තොරතුරු එකරාශි කර, ප්රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් එම තොරතුරු යුද හමුදාව විසින් ලබා ගෙන මෙම එන්නත් ලබා දිම සිදු කරනු ලබයි.
යුද හමුදා වෛද්ය කණ්ඩායම් ඇතුළු සෙසු නිලධාරින් ග්‍රාම නිලධාරීන්ගේ ද සහාය ඇතිව අදාළ නිවෙස් වලට ගොස් එන්නතේ පලමු මාත්රාව ලබා දිම සිදු කෙරේ.
(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මාතර)
No comments:
Post a Comment