මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස දහසය ම ආවරණය වන පරිදි වයස අවුරුදු 20 ත් 30 ත් අතර තරුණ තරුණියන් සඳහා කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීම හෙට (08) දින සිට ආරම්භ කෙරේ.
මේ බව අනාවරණය කෙරෙුණේ මාතර දිස්ත්‍රික්කයේ කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත්කරණය පිළිබඳව ගරු කතානායක මහින්ද යාපා අබේවර්ධන මැතිතුමාගේ සහ ගරු ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් Zoom තාක්ෂණය ඔස්සේ මාර්ග ගතව පැවති සාකච්ඡාවකදී ය.
මාතර දිස්ත්‍රික්කයට ෆයිසර් එන්නත් මාත්‍රා 75000 ක් ලබාදීම සම්බන්ධයෙන් මෙහි දී ප්‍රථමයෙන්ම ගරු ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමා විසින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට ස්තූතිය පුදකරන ලදි.
එසේ ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් එන්නත් බෙදී යාමේ ක්‍රමවේදය පිළිබඳව අදාළ අංශ සමඟ සාකච්ඡා කෙරිණි.
මෙම එන්නත්කරණ වැඩසටහන ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සිදු කරන අතර, එය ක්‍රියාවට නංවන ආකාරය පිළිබඳව මාතර යුද හමුදා කඳවුරු අණදෙන නිලධාරී තුමන් විසින් පැහැදිලි කරන ලදි.
ඒ අනුව මාතර දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 20 ත් 30 ත් අතර තරුණ තරුණියන් සඳහා කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම පහත පරිදි සිදු කෙරේ.
2021.09.08 දින පෙ.ව. 8.00 සිට මාතර කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ රස්සන්දෙණිය මහින්ද රාජපක්ෂ විදයාලය, වෙහෙරහේන රාජමහා විහාරස්ථානය, මාතර රාහුල විද්‍යාලය සහ කනත්තගොඩ වනිගසේකර කනිෂ්ඨ විද්‍යාලය යන ස්ථාන වල දී එන්නත්කරණ කටයුතු සිදු කෙරේ.
2021.09.09 දින පෙ.ව. 8.00 සිට අකුරැස්ස ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ගොඩපිටිය ජාතික පාසල, අතුරලිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ සදාස් මුස්ලිම් විද්‍යාලය, මාලිම්බඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ සුමේධ විද්‍යාලය, කඹුරුපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ නාරන්දෙණිය ජාතික පාසල යන ස්ථාන වල දී එන්නත්කරණ කටයුතු සිදු කෙරේ.
2021.09.10 දින පෙ.ව. 8.00 සිට හක්මණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ හක්මණ නගර ශාලාව, කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලය, තිහගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ තිහගොඩ ජාතික පාසල සහ පස්ගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ඌරුබොක්ක ජාතික පාසල යන ස්ථාන වල දී එන්නත්කරණ කටයුතු සිදු කෙරේ.
2021.09.11 දින පෙ.ව. 8.00 සිට දික්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ දික්වැල්ල විජිත මහා විද්‍යාලය, වැලිගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කොටවිල ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානය හා වැලිගම සිද්ධාර්ථ මහා විද්‍යාලය සහ වැලිපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කොක්මාදූව මහා විද්‍යාලය යන ස්ථාන වල දී එන්නත්කරණ කටයුතු සිදු කෙරේ.
2021.09.12 දින පෙ.ව. 8.00 සිට කොටපොල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ දෙණියාය මහා විද්‍යාලය, පිටබැද්දර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ඩඩ්ලි සේනානායක විද්‍යාලය, මුලටියන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ මාකඳුර ජාතික පාසල සහ දෙවිනුවර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ දෙවිනුවර මහජන ක්‍රීඩාංගනය යන ස්ථාන වල දී එන්නත්කරණ කටයුතු සිදු කෙරේ.
අනන්‍යතාවය තහවුරුකර ගැනීම සඳහා ජාතික හැඳුනුම්පතත් රැඟෙන අදාළ දින වල දී තමන් පදිංචි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් එන්නත්කරණ මධ්‍යස්ථානය වෙත පැමිණ කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගන්නා ලෙස ද වැඩිදුරටත් අවධාරණය කෙරිණි.
මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණා කොඩිතුවක්කු මහතා සහ ප්‍රාදේශිය සභා සභාපතිවරු, මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා, ප්‍රාදේශිය ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන්, මාතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ඒ.ඩී.යූ.කරුණාරත්න මහතා ඇතුළු සෞඛ්‍ය අංශ, හමුදාව, පොලීසිය, ආපදා කළමනාකරණ ඇතුළු රාජ්‍ය අංශවල ප්‍රධානීන් පිරිසක් සහභාගි වී සිටියහ.
(දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මාතර)
No comments:
Post a Comment