Monday, July 9, 2018

මාතර කඩවත් සතර සමථ මූල මණ්ඩලය පත් කෙරේ

මාතර කඩවත් සතර සමථ මූල මණ්ඩලයේ නව පත්වීම් ලද සාමාජික සාමාජිකාවන්හට පත්වීම් ලිපි ප්‍රධානෝත්සවය මාතර කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් දර්ශන වික්‍රමාරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර  වෙලේගොඩ ශ්‍රී සුදස්සනානන්ද විහාරස්ථානයේදී පැවැත්වුණි.

එහි දී  මාතර කඩවත් සතර සමථ මූල මණ්ඩලය සඳහා සාමාජික සාමාජිකාවෝ  42 දෙදෙනෙකු පත්වීම් ලිපි ලැබූහ.

ඒ අතර සභාපති කේ.ආර්.ජේ.ප්‍රනාන්දු මහතා, උප සභාපති ඒ.ඒ. ගම්මම්පිල මහතා, පූජ්‍ය කඹුරුගමුවේ පඤ්ඤාජීව හිමි, ඩබ්.අබේවික්‍රම ගුණසේකර මහත්මිය, එස්.ඒ.ගුණවතී මහත්මිය, ඒ.එච්.ගුණසේන මහතා, ඒ.පී.සමරසිංහ මහත්මිය, යූ.එම්.ඒ.දහයන්ති මහත්මිය, වයි.ඒ.අමිල බුද්ධිම මහතා, ආරියවතී ලියනගේ මහත්මිය, පී.එම්.අජිත් මහතා, ඩී.එච්.ඉනෝකා දමයන්ති මහත්මිය, ජී.පී.සමරසිංහ මහතා, පී.පී.ලීලාවතී මහත්මිය, සිරිසේන අබේවික්‍රම මහතා, එන්.එස්.සරත් ආනන්ද මහතා, ඩී.හසංග දහනායක මහතා, කේ.ජී.චිත්‍රා මහත්මිය, මුනවීරගේ කුසුමාවතී මහත්මිය, එච්.ආර්.පී.චන්ද්‍රසේන මහතා, ඩබ්.විලියම් මහතා, ඩබ්.ජේ.ඒ.ඒ.පී.වසන්තා මානෙල් මෙනෙවිය, පී.ඒ.ධනපාල මහතා, අයි.එච්.ලයනල් මහතා, රංජනී සමරසේකර මහත්මිය, ඩබ්.පී.ශ්‍යාමලී කාන්තිලතා මහත්මිය, කේ.පී.කුමාරසිරි මහතා, එස්.ලංගප්පුලි මහතා, ආර්.අබේසේකර මහතා, සිරිල් වික්‍රමාරච්චි මහතා, ජේ.ජී.සුගතදාස මහතා, කේ.රංජිත් පෙරේරා මහතා, එස්.කේ.සුසිලා මෙනෙවිය, එච්.ඩබ්.නිශ්ශංක මහතා, එච්.එල්.පුවලසේන මහතා, එච්.එම්.බන්දුලසේන මහතා, එස්.සෙනෙවිරත්න මහත්මිය, එස්.රාමසිංහ මහතා, ඩී.වික්‍රමසිංහ මහතා, ඩී.ඤාණසිරි සමරවික්‍රම මහතා, කේ.පී.සමරසිංහ මහතා, ඩබ්.ටී.ඩේවිඩ් මහතා වෙති.

විෂ වෛද්‍ය විශේෂඥ මුදලින්ද රජ මහා විහාරාධිපති පූජ්‍ය කපුගම සෝමාලංකාර නායක ස්වාමීන් වහන්සේ, මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ නිල නොලත් මහෙස්ත්‍රාත් උපාලි රණසිංහ මහතා, දිස්ත්‍රික් සමථ පුහුණු නිලධාරී කීර්ති ලියනගේ මහතා, මාතර පොලිස් ස්ථානාධිපති නියෝජනය කරමින් මාතර පරිපාලන පොලිස් ස්ථානාධිපති ඩබ්ලිව්.වීරසිංහ මහතා, මූල්‍ය ආයතන කළමනාකරුවන්, ග්‍රාම නිලධාරීන්, දෙවිනුවර වැලිගම සමථ මූල මණ්ඩල සභාපතිවරු හා ප්‍රදේශයේ සම්භාවනීය ආරාධිතයින් රැසක් ද මෙම උත්සව අවස්ථාවට සහභාගී වී සිටියහ.

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...