Wednesday, July 11, 2018

පළාත් පාලන ආයතන සඳහා 25% ක කාන්තා නියෝජනය දිනාගත්තේ අතිගරු ජනාධිපති තුමාගේ හා අගමැති තුමාගේ දැඩි කැපවීම නිසයි


කාන්තා පාර්ලිමේන්තු සංසදය දීර්ඝ කාලයක් පුරා කරන ලද අරගලයක ප්‍රතිඵලයක් වශයෙන් අතිගරු ජනාධිපති තුමාගේ හා අගමැති තුමාගේ දැඩි කැපවීමේ ප්‍රතිඵලයක් වශයෙන් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී 25% ක කාන්තා නියෝජනය දිනාගනු ලැබූ බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය, කාන්තා පාර්ලිමේන්තු සංසදයේ ගරු සභාපති චන්ද්‍රාණි බණ්ඩාර මැතිණිය පැවසුවා ය.

ඇය මේ අදහස් පලකළේ පසුගියදා මාතර - වල්ගම ශනායා මෙන්ෂන් උත්සව ශාලාවේ පැවති දකුණු පළාතේ කාන්තා පළාත් පාලන සභිකයින් සඳහා වූ ධාරිතා සංවර්ධන වැඩමුළුවට එක්වෙමිනි.

බිම් මට්ටමේ ඇති ගැටළු ජාතික මට්ටමේ අවධානයට ගෙන ඒමේදී සමූහයක් වශයෙන් අභිනවයෙන් තේරී පත් වූ කාන්තා පළාත් පාලන සභිකයින් ප්‍රබල උද්දේශන මූලාශ්‍රයක් බවට පත්වන බැවින් ඔවුන් සවිබල ගැන්වීමේ අරමුණින් මෙම වැඩමුළුව සංවිධානය කරන ලදි.

මෙහි සම්පත් දායකත්වය සපයන ලද්දේ මහාචාර්ය කමලා ලියනගේ, සාමා රාජකරුණා, ඉන්දික දයාරත්න, අජිත් කළුආරච්චි හා කුමාරි විතාරණ යන මහත්ම මහත්මීන් විසිනි.

මේ අවස්ථාවට කාන්තා පාර්ලිමේන්තු සංසදයේ උපසභාපති සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මැතිනිය ඇතුළු දේශපාලන නායකත්වය, රාජ්‍ය නිලධාරීන් හා කාන්තා පළාත් පාලන ආයතන සභිකයින් 200 ට අධික පිරිසක් සහභාගි වී සිටියහ.



No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...