දකුණු පළාත් වෙළඳ හා කර්මාන්ත ප්‍රදර්ශනය ගාල්ල, මාතර හා හම්බන්තොට යන
දිස්ත්‍රික් තුනම කේන්ද්‍රකර ගනිමින් අගෝස්තු මස 01 සහ 02 දිනයන්හි දී මාතර
උයන්වත්ත ක්‍රීඩාංගනයේ දී පැවැත්වේ.
මෙහි ප්‍රධාන අරමුණ වන්නේ දකුණු පළාතේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්
සදහා පුළුල් වෙළඳ පොළක් හඳුන්වා දීම,අපනයන විභවතාවයෙන් යුත් කර්මාන්ත පුළුල්
කිරීමෙන් අපනයන විවිධාංගීකරණයක් ඇති කිරීම හා දිර්ග කාලීන මිලදී ගන්නන් සම්බන්ධ
කරදීම ආදිය වේ.
මෙම වෙළඳ ප්‍රදර්ශනයේ මල් හා පැළ තවාන් අංශය, පාවහන් හා බෑග් නිෂ්පාදන
අංශය, ඇගලුම් නිෂ්පාදන අංශය, ආහාර හා කුළුබඩු නිෂ්පාදන අංශය, විසිතුරු භාණ්ඩ
නිෂ්පාදන අංශය, යන්ත්‍රෝපකරණ නිෂ්පාදන
අංශය හා විවිධ නිෂ්පාදන අංශය ඇතුලත් වව අතර ඒ සඳහා වෙළඳකුටි 130 ක් ප්‍රදර්ශන
භූමිය තුළ ස්ථාපිත කෙරේ. ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික් තුනම නියෝජනය වන
පරිදි ව්‍යවසායකයන් 200 ක් සහභාගි වීමට නියමිත ය.
ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ මූල්‍ය ප්‍රතිපාදන මත සංවිධානය කෙරෙන මෙම
වෙළඳ හා කර්මාන්ත ප්‍රදර්ශනය සඳහා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, කර්මාන්ත හා
වාණිජ කටයුතු අමාත්‍යාංශය, මාතර මහ නගර සභාව ඇතුළු රාජ්‍ය ආයතන සම්බන්ධ වන බව ජාතික
ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරී චමරි ප්‍රියදර්ශනී
මෙනෙවිය පැවසුවා ය.
No comments:
Post a Comment