මාතර දිස්ත්‍රික් ලේකම්
ප්‍රදීප් රත්නායක මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාවට නංවන ලද ‘නිල් ගං තෙර සොඳුරු
සුයාමය‘ රසවින්දනාත්මක වැඩසටහන මාතර දිස්ත්‍රික් ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන්
පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගායේ දී
පැවැත්විණි.
ඒකාකාරී ජීවන රටාවකට
හුරුවී සිටින රාජ්‍ය නිලධාරියා රාජකාරි සීමාවෙන් ඔබ්බට ගෙන ගොස් චිත්ත සන්තානය
සුඛී සුවපත් භාවයට පත් කිරීම අරමුණු කර ගනිමින් මෙම රසවින්දනාත්මක වැඩසටහන සංවිධානය කරන ලදි.
ගායන, වාදන, නර්තන හා
නට්‍ය ඇතුළු අංග ප්‍රත්‍යංග රැසකින් සමන්විත වූ ‘නිල් ගං තෙර සොඳුරු සුයාමය‘
සඳහා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය නිලධාරීන් දායක වූ අතර සමාජ ආරක්ෂණ අංශයේ
සම්බන්ධීකරණ නිලධාරී සංගීත විශාරද නුරාන් ලියනගේ මහතා සංගීතයෙන් ද, ඵලදායිතා ප්‍රවර්ධන
නිලධාරී සංගීත විශාරද නිශාන්ත පෙරේරා මහතා කථනයෙන් ද දායක විය.
මාතර අතිරේක දිස්ත්‍රික්
ලේකම් කසුන් එස්.කේ.වැල්ලහේවා මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) එන්.කේ.ආර්.පතිරණ මහතා ඇතුළු නිලධාරීන් 300 ට අධික පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී
සිටියහ.
කුඩා ව්‍යාපාර සංවර්ධන
අංශයේ සහකාර අධ්‍යක්ෂ පී.කේ.පතිරණ මහතා ප්‍රමුඛ එම අංශය සංවිධාන කටයුතු සිදු කරන
ලදි.
No comments:
Post a Comment