ජාතික නිවාස සංවර්ධන
අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ එකම සැලසුමකට අනුව අක්කර දෙකක භූමි භාගයක ඉදිකෙරෙන
මෙම නිවාස ගම්මානය තුළ නිවාස 25 ක් ඉදි කෙරෙන අතර එක් නිවසක් වෙනුවෙන් රුපියල්
ලක්ෂ පහ බැගින් නිවාස 25 සඳහා රුපියල් ලක්ෂ 125 ක් වැය කෙරේ. එම මුදල් ජාතික නිවාස
සංවර්ධන අධිකාරිය මගින් නිවාස හිමියන් සඳහා ආධාරයක් වශයෙන් ලබා දෙයි. කිරින්ද -
පුහුල්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කිරින්ද මගින් පහළ ග්‍රාම නිලධාරී වසමේ
නිවාස නොමැති මුස්ලිම් ජනතාව සඳහා මෙම නිවාස ලබා දීමට නියමිත ය.
මෙම මුල් ගල් තැබීමේ
උත්සව අවස්ථාවට දකුණු පළාත් සභා මන්ත්‍රී බී.ජී.චන්දන ප්‍රියන්ත මහතා ඇතුළු
දේශපාලන නායකත්වය, කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශිය ලේකම් චින්තක අබේවික්‍රම මහතා
ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසී ජනතාව සහභාගි වී සිටියහ.
No comments:
Post a Comment