Wednesday, July 25, 2018

විශ්‍රාම යාමට ආසන්න රාජ්‍ය හා අර්ධ රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් හෙට (26) මාතර දී

මාතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල සේවය කරන විශ්‍රාම යාමට ආසන්න නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (26) පෙ.ව.9.00 ට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

මෙහි දී ‘සැලසුම් සහගත වැඩිහිටිවියක්‘ පිළිබඳව රුහුණ විශ්ව විද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ඒ.කේ.ජී. ජයසිංහ මහතා විසින් ද, ‘වැඩිහිටිවියේ ශාරීරික හා මානසික සුවතාව‘ පිළිබඳව මාතර දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍ය නිලධාරී රෝහිත ඇලපාත මහතා විසින් ද, ‘සේවක අර්ථ සාධක අරමුදල, සේවක භාරකාර අරමුදල හා විශ්‍රාම වැටුප ලබාගැනීමට අදාළ ලිපිගොණු සකස්කර ගන්නා ආකාරය‘ පිළිබඳව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගණකාධිකාරී ජානක අමරරත්න මහතා විසින් ද දැනුම්වත් කිරීමට නියමිත ය.

මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල සේවය කරන විශ්‍රාම යාමට ආසන්න නිලධාරීන් 350 ක් දෙනෙකු හා මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 16 නියෝජනය කරමින් වැඩිහිටි ප්‍රවර්ධන නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වන බව මාතර දිස්ත්‍රික් වැඩිහිටි ප්‍රවර්ධන නිලධාරී චමිලා සමරසිංහ මහත්මිය පැවසුවා ය.

ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන මත මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මෙම දැනුම්වත් කිරීමේ වැඩසටහන සංවිධානය කරයි.

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...