සමාජ ආර්ථික සංවර්ධනය
උදෙසා ගෝලීය වශයෙන් තරඟකාරී ශ්‍රම බලකායක් ගොඩනැගීමේ මෙහෙවර ඉටුකරනු වස් මාතර දිස්‍ත්‍රික්
රැකියා සේවා මධ්‍යස්ථානය (රැකියා කේන්ද්‍රය) මගින් රැකියා අපේක්ෂිතයින් සහ රැකියා
සපයන ආයතන ලියාපදිංචි කිරීම, රැකියා ඇබෑර්තු හඳුනාගැනීම, රැකියා ගැලපීම, වෘත්තීය
මාර්ගෝපදේශය ලබාදීම සහ රැකියාවන් සදහා යොමු කිරීම ආදී ප්‍රමුඛ කාර්යයන් සිදු කරන
අතර එම කටයුතු තව දුරටත් පුළුල් කිරීම සඳහා ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මාතර දිස්ත්‍රික් ව්‍යාපාරික සමුළුව පිළිබඳ
විශේෂ සාකච්ඡාවක් හෙට (25) පෙ.ව.10.00 ට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී
ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික්
ලේකම් ප්‍රදීප් රත්නායක මහතා, මිනිස්බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ
ජනරාල් නීල් බණ්ඩාර හපුහින්න මහතා, මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම්වරු ඇතුළු
රාජ්‍ය නිලධාරීන් හා පෞද්ගලික අංශයේ ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් සහභාගි වීමට
නියමිත ය.
මිනිස්බල හා රැකී රක්ෂා
දෙපාර්තමේන්තුව හා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව වැඩසටහන සංවිධානය කරයි.
No comments:
Post a Comment