Monday, July 9, 2018

මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව හෙට (10) රැස්වේ

මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කම්ටු රැස්වීම කමිටුවේ සම සභාපතිවරුන් වන දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජය ලාල් ද සිල්වා, කර්මාන්ත හා වානිජ කටයුතු ගරු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ සහ මාතර දිස්ත්‍රික් ගරු පාර්ගිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් හෙට (10) පෙ. ව. 9.30 ට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගරයේ දී රැස්වේ.
 
මෙහි දී 2017 වර්ෂයේ මාතර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතීන්හි ප්‍රගතිය හා ගැටළු පිළිබඳව සාකච්ඡා කෙරේ. 

මාතර දිස්ත්‍රික් රාජ්‍ය ආයතනයන්හි සංවර්ධන ප්‍රගතිය හා 2018 වර්ෂයේ සංවර්ධන සැලැස්ම, විමධ්‍යගත වැඩසටහන, දිවිනැගුම ජාතික වැඩසටහන, මාතර - කතරගම දුම්රිය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය, පාලම් ව්‍යාපෘතිය, නගර සංවර්ධනය, වෙරළ උද්‍යානය සංවර්ධනය, දිස්ත්‍රික්කයේ ආරක්ෂක තත්ත්වය, කෘෂිකර්ම / ඉඩම් / වාරිමාර්ග / සත්ත්ව පාලන කටයුතු, මාර්ග සංවර්ධන කටයුතු, සෞඛ්‍ය සේවා, අධ්‍යාපන සංවර්ධන කටයුතු, පුර නැගුම ව්‍යාපෘතිය, මධ්‍යම පරිසර අධිකාරිය මගින් ක්‍රියාත්මක සංවර්ධන කටයුතු, නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරන නිවාස සංවර්ධන ව්‍යාපෘති, දිස්ත්‍රික්කයේ ආපදා කළමනාකරණ කටයුතු, පළාත්පාලන කටයුතු, ප්‍රවාහන කටයුතු, ධීවර සංවර්ධන ව්‍යාපෘති, ජල සම්පාදන, විදුලිය සංවර්ධන කටයුතු, කර්මාන්ත සංවර්ධනය, තැපැල් / විදුලි සන්දේශ, ජාතික තරුණ සේවා සභාවේ හා වෘත්තීය පුහුණු අධිකාරියේ ක්‍රියාත්මක තත්ත්වයන් ආදිය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත ය.

මේ අවස්ථාව සඳහා දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්, දකුණු පළාත් සභාවේ මැති ඇමතිවරුන්, ප්‍රාදේශිය සභා නියෝජිතයින් ඇතුළු දේශපාලන නායකත්වය සහ මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වේ.

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ක්‍රමසම්පාදන අංශය රැස්වීම සංවිධානය කරයි.

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...