ජාත්‍යන්තර ළමා ශ්‍රමය පිටුදැකීමේ දිනයට සමගාමීව ළමා ශ්‍රමය පිටුදැකීම
පිළිබඳව මාතර දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් මාතර
අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් එස්.කේ.වැල්ලහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා
මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැතිවිණි.
ජාත්‍යන්තර මට්ටමින් සැලකූ විට විශේෂයෙන් දියුණු වෙමින් පවතින රටවල හා
නොදියුණු රටවල පාසල් යා යුතු වයසේ ළමයින් ශ්‍රම වෙළඳපොල තුළ ඉතා අවම මිලකට සූරා
කෑමට ලක්වෙමින් පවතින අතර ශ්‍රී ලංකාවේ මෙම තත්ත්වය කෙබඳු ආකාරයකට ක්‍රියාත්මකවේද?
ඒ හා සම්බන්ධ නීති රෙගුලාසි මොනවාද? පොලිස් නිලධාරීන් වශයෙන් ශ්‍රී ලාංකේය ළමා
පරපුර ආරක්ෂාකර ගැනීම සඳහා ඇති වගකීම කවරේද? ආදී ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය වන පරිදි
මෙම දැනුම්වත් කිරීම සිදු කරන ලදි.
ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය මගින් දීප ව්‍යාප්තව පොලිස් නිලධාරීන් 2500
දෙනෙකු දැනුම්වත් කිරීමේ වැඩසටහන් මාලාවේ මාතර දිස්ත්‍රික් වැඩසටහන සඳහා සම්පත්
දායකත්වය සපයන ලද්දේ මාතර දිස්ත්‍රික් සහකාර කම්කරු කොමසාරිස් තිලක් දේශප්‍රිය
මහතා විසිනි.
මේ අවස්ථාවට මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් නදී ජයවික්‍රම මෙනෙවිය ඇතුළු
රාජ්‍ය නිලධාරීන් හා මාතර දිස්ත්‍රික්කයේ සියලුම පොලිස් කොට්ඨාස නියෝජනය වන පරිදි
පොලිස් නිලධාරීන් 100 ක පිරිසක් සහභාගි වී සිටියහ.
ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ මූල්‍ය ප්‍රතිපාදන මත ජාතික ළමා ආරක්ෂණ
අධිකාරිය හා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව මෙම දැනුම්වත් කිරීමේ වැඩසටහන
සංවිධානය කළ බව මාතර දිස්ත්‍රික් ළමා ආරක්ෂණ නිලධාරී යූ.ජී.කුසුම්ලතා මහත්මිය හා
මාතර දිස්ත්‍රික් මනෝ සමාජීය නිලධාරී එස්.බී.එම්.බී.නවෝදනී මහත්මිය පැවසූහ.