අඩු
ආදායම්ලාභී පවුල් සඳහා සමාජ සුභසාධන, පරිවාස හා ළමාරක්ෂක
සේවා දෙපාර්තුමේන්තුව මගින් සංවිධානය කරන ලද අක්ෂි සායනයක් හා ඇස් කණ්නාඩි
බෙදාදීමේ වැඩසටහනක් දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා
වැලිගම මිදිගම ගුරුබැබිල ශ්රී නාග මහා විහාරයේ දී පැවැත්විණි.
එහි
දී අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා සඳහන් කළේ අන්තවාදීන් විසින් නොපෙනෙන ස්වර්ගයක්
පෙන්වීමට උත්සාහ දරන බවත්, ලංකාවේ පවතින තත්වයෙන්
මිදී රට යථා තත්ත්වයට පත් කිරීම සඳහා මෙවැනි සමාජ සුබසාධන කටයුතු අඛණ්ඩව
පැවැත්වීම කාලෝචිත ක්රියාවක් බවයි.
මේ
අවස්ථාවට ගෞරවණීය ස්වාමීන් වහන්සේලා, රාජ්ය නිලධාරීන් හා ප්රදේශයේ අඩු ආදායම්ලාභී
ජනතාව ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
No comments:
Post a Comment