ග්‍රාමීය ආර්ථිකය ගිල ගන්නා ජාතික
උවදුරක් බවට පත්ව තිබෙන ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුල හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ ජනතාව
ගැටළු රැසකට මුහුණ දී සිටින බව මාතර දිස්ත්‍රික් ක්ෂුද්‍ර මූල්‍ය සම්බන්ධීකාරක ගයාන්
විතාරණ මහතා පවසයි.
මාතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී
වසම් 650 තුළ ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුල හේතුවෙන් පවුල් ආරවුල් 326 ක්, ලිංගික අල්ලස්
ලබා ගැනීම්, අනියම් සබඳතා හා අතවරයට ලක් කිරීම් 31 ක්, සොරකම් හා මත්ද්‍රව්‍ය සම්බන්ධ
සිදුවීම් 126 ක්, කාන්තාවන් විදේශ ගතවීම් 143 ක්, ළමුන්ගේ මන්ද පෝෂණය 91 ක්, දරුවන්ගේ
අධ්‍යාපන කටයුතු අඩාල වීම් 194 ක්, මානසික පීඩනයට ලක් කිරීම් 311 ක්, මැරයින් ලවා තර්ජනය
කිරීම් 17 ක්, ණය අයකර ගැනීමට පිළිගත නොහැකි ක්‍රමවේද භාවිතා කිරීම් 132 ක්, ගම් බිම්
හැර යාම් 192 ක්, සියදිවි හානි කර ගැනීම් 18 ක්, සිය දිවි හානිකර ගැනීමට තැත් කිරීම්
41 ක් වාර්තා වන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.
ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය
සමාගම් විසින් 40% සිට 300% දක්වා ණය පොළී අනුපාතයන් අයකරමින් සිටින බව හඳුනාගෙන ඇත.
මෙතරම් ඉහළ පොළියක් අයකරන බව කිසිඳු ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් නොකියන අතර සමාගම් පවසන
පොළිය හා සත්‍ය පොළිය අතර විශාල වෙනසක් පවතී. තමන් ලබා ගන්නා ණය මුදලේ සත්‍ය පොළිය
පිළිබඳව ණය කරුවන්ට අවබෝධයක් නොමැත.
අධික ණය බර හේතුවෙන් මාතර දිස්ත්‍රික්කය
තුළ වාර්තා වී ඇති සිදුවීම් 10 ට අඩු මට්ටමක පවත්වා ගැනීම සඳහා ඉදිරියේ දී වැඩසටහන්
රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර තිබෙන බව ගයාන් විතාරණ මහතා වැඩිදුරටත් පැවසී ය.
ඒ අතර 2016 අංක 06 දරණ ක්ෂුද්‍ර
මූල්‍ය පනත පිළිබඳව මාතර දිස්ත්‍රික්කයේ සියලු ම ග්‍රාම නිලධාරීන් දැනුවත් කිරීම, ප්‍රදේශයේ
ලියාපදිංචි වී නොමැති ණය දෙන ආයතන පිළිබඳව තොරතුරු ලබා ගැනීම, ක්ෂුද්‍ර මූල්‍ය ණය පිළිබඳව
ග්‍රාම නිලධාරීන් දැනුවත් කිරීම මගින් ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය
සාක්ෂරතා දැනුම ලබාදීම, ණය ලබා ගැනීමේ දී සිදු කරනු ලබන පදිංචිය සනාථ කිරීම් හා ආදායම්
සහතික කිරීම් ආදිය පිළිබඳව ග්‍රාම නිලධාරීන් දැනුවත් කිරීම, මූල්‍ය තොරතුරු රැස් කිරීමේ
ක්‍රමවේද පිළිබඳව ග්‍රාම නිලධාරීන් දැනුවත් කිරීම, අවිධිමත් ණය දෙන ආයතන හා ණය ප්‍රමාණය
පාලනය කිරීමට සහාය ලබා ගැනීම ආදී ක්‍රියාකාරකම් ක්‍රියාවට නැංවීමට නියමිත ය.
No comments:
Post a Comment