Monday, June 24, 2019

රටට හා ජනතාවට සෙත් පතා සත්‍යක්‍රියා වැඩසටහන් රැසක් මාතර දී


රටට හා ජනතාවට සෙත් පැතීමේ වැඩසහන් රැසක් පසුගිය 22 වැනිදා සවස 6.00 ට මාතර දිස්ත්‍රික්කයේ ආගමික ස්ථාන ඇතුළු ස්ථාන රැසක දී පැවැත්විණි. 

පසුගිය දා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් විපතට පත් වූ ජනතාවට සෙත් පැතීම හා නැවත එවැනි විපතක් ලක් මාතාවට නැවත ඇති නොවේවායි යන ප්‍රාර්ථනය සමගින් විපතට පත් වූ ජනතාවගේ මෙන්ම අනෙකුත් රට වැසියන්ගේ අවිනිශ්චිත හා නොසන්සුන් බව දුරළා මානසික සහනය උදා වී රට තුළ සාමය, සමඟිය, සංහිඳියාව හා සහජීවනය ගොඩනැගෙන පරිසරයක් බිහිකර ගැනීමට දායකත්වය ලබා දෙනු වස් මෙම සත්‍යක්‍රියා වැඩසටහන ජනාධිපති කාර්යාලයේ උපදෙස් පරිදි ක්‍රියාවට නංවන ලදි. 

ප්‍රහාරයෙන් දිවි අහිමි වූ පුද්ගලයින් සිහිකිරීම මෙන්ම තුවාළ ලැබූවන්හට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීම ද මෙහි දී සිදු කෙරිණි.

මාතර දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයකම විහාරස්ථාන දෙකක් කේන්ද්‍ර කර ගනිමින් බෞද්ධාගමික වැඩසටහන් පවත්වන ලදි. ඒ අනුව මාතර කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ රස්සන්දෙණිය පුෂ්පාරාමයේ දී හා වල්පල සිරිමංගල පිරිවෙනේ දී ද, කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ඉලුක්කැටිය ඉසිපතන පිරිවෙනේ දී හා පුහුල්වැල්ල ශ්‍රී මණ්ඩලාරාමයේ දී ද, හක්මණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ඇල්ලෙවෙල සාරිපුත්තාරාමයේ දී හා මී ඇල්ල ගනේගොඩ පුරාණ විහාරස්ථානයේ දී ද, අතුරලිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ වැලිහේන සුභද්‍රාරාමයේ දී හා ඉහළ අතුරලිය සිරි නිවාසාරාමයේ දී ද, කඹුරුපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පිටකටුවන ශාක්‍යසිංහාරාමයේ දී හා ගොදාව බෝධිරාජාරාමයේ දී ද, අකුරැස්ස ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පහුරංවිල ශ්‍රී ධර්මරාජ විහාරයේ දී හා දීගල ශ්‍රී වර්ධන පිරිවෙනේ දී ද, වැලිගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ මිරිස්ස උතුර ශ්‍රී පියරතනාරාමයේ දී හා මිදිගම සුදර්ශනාරමයේ දී ද, දෙවිනුවර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ගන්දර ජයබෝධි විහාරස්ථානයේ දී හා උඩ අපරැක්ක සේපාලිකාරාමයේ දී ද, දික්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ වැව්රුකන්නල රාජමහා විහාරස්ථානයේ දී හා කෝට්ටගොඩ සුදර්ශනාරාම මහා විහාරයේ දී ද, තිහගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පෙතංගහවත්ත සුදර්ශනාරාමයේ දි හා නාරංගල දේවප්‍රිය විහායේ දී ද, පස්ගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ බෙරලපනාතර ශ්‍රී සුදර්ශනාරාමයේ දී හා දම්පහළ තැනිපිට රාජමහා විහාරයේ දී ද, කොටපොල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කොස්මෝදර ශ්‍රී සුබෝධාරාමයේ දී හා දෙණියාය ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ දී ද, මුලටියන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ගණේගොඩ පුරාණ විහාරයේ දී හා බමුණුගම ශ්‍රී විජයාරාමයේ දී ද, වැලිපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පැනෑටියන චේතියාරාමයේ දී හා වැලිහිඳ සුදර්ශනාරාමයේ දී ද, මාලිම්බඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කිරිමැටිමුල්ල ශ්‍රී වර්ධනාරාමයේ දී හා මාලිම්බඩ ඉන්ද්‍රාරාම පුරාණ විහාරස්ථානයේ දී ද, පිටබැද්දර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ දංකොළුව සුමින්දාරාමයේ දී හා එළමල්දෙණිය රාජ මහා විහාරයේ දී ද අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සේවය කරන බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් සත්‍යක්‍රියා වැඩසටහන් පවත්වන ලදි.

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...