මාතර දිස්ත්‍රික්කයෙන් තෝරාගත්
නව සමෘද්ධි ප්‍රතිලාභීන් සඳහා හිමිකම් පත් ප්රදානය කිරීමේ උත්සවය ගරු මුදල් අමාත්‍ය
මංගල සමරවීර මහතාගේ හා ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීම් ගරු අමාත්‍ය දයා
ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.
එහි දී උත්සවයට සහභාගි වූ
සියලුම පමෘද්ධි ප්‍රතිලාභීන් සඳහා අඹ පැළයක් හා ටී ෂර්ට් එකක් ලබාදෙන ලදි.
නව සමෘද්ධි ප්‍රතිලාභීන්
වශයෙන් මාතර දිස්ත්‍රික්කයෙන් 17796 දෙනෙකු තෝරාගෙන ඇති අතර ඒ අතරින් 11729 දෙනෙකුට
පළමු අදියර යටතේ සමෘද්ධී හිමිකම් ප්රදානය කෙරේ. ඉතිරි සමෘද්ධි ප්‍රතිලාභීන් සඳහා දෙවන
අදියරේ දී හිමිකම් ප්රදානය කිරීමට නියමිත ය. පළමු අදියර සඳහා තෝරාගත් ප්‍රතිලාභින්
අතරින් 5000 ක් දෙනෙකු සඳහා පසුගියදා හිමිකම් පත් ප්රදානය කරන ලද අතර ඉතිරි 6729 දෙනා
සඳහා ඉදිරියේ දී ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් පවත්වනු ලබන උත්සව වල දී හිමිකම්පත්
ප්‍රාදානය සිදු කිරීමට නියමිත ය.
මේ වන විට මාතර දිස්ත්‍රික්කයේ
සිටින සමෘද්ධි ප්‍රතිලාභීන් සංඛ්‍යාව 60636 කි. එය මාතර දිස්ත්‍රික්කයේ මුළු පවුල්
සංඛ්‍යාවෙන් 28.6% ක ප්රතිශතයකි. ඔවුන් සඳහා මාසිකව ලබා දෙන සමෘද්ධි ප්රතිලාභ සඳහා
රුපියල් මිලියන 142 ක මුදලක් රජය වැය කරයි.
මාතර දිස්ත්‍රික් සමෘද්ධි
ප්රදානෝත්සවය සඳහා දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මහතා, කර්මාන්ත හා වානිජ්‍ය
කටයුතු ගරු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා අතුළු ප්‍රදේශයේ ජනතා නියෝජිතයින්
මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා සමෘද්ධි ප්‍රතිලාභීන්
සහභාගි වී සිටියහ.
No comments:
Post a Comment