Wednesday, June 12, 2019

පොල්අතුමෝදර ගඟ දෙපස රුක් රෝපණය කෙරේ



පොල්අතුමෝදර ගඟ ආරක්ෂා කිරීමේ අරමුණින් ලෝක පරිසර දිනයට සමගාමීව ගඟ දෙපස පැළ සිටුවීමේ වැඩසටහනක් පසුගියදා වැලිපිටිය කනංකේ රජමහා විහාරය අසලින් ආරම්භ කරන ලදි.

මෙම පැළ සිටුවීමේ වැඩසටහන සඳහා කනංකේ කුඩකේ කලාකාමී තරුණ කැළගේ දායකත්වය ද ලබා දෙන ලද අතර මේ සදහා පැළ ලබා දෙන ලද්දේ වන සංරක්ෂණය දෙපාර්තමේන්තුව මඟිනි.


මේ සදහා කනංකේ රජමහා විහාරාධිපති හිමියන්, ජල සම්පාදන මණ්ඩලයේ ප්‍රාදේශීය කළමනාකරු, ජ්‍යේෂ්ඨ රසඥ, ජ්‍යේෂ්ඨ සමාජ විද්‍යාඥ, වැලිගම ජල සම්පාදන ක්‍රමයේ වැඩභාර නිලධාරි ඇතුළු නිලධාරින් හා ගම්වාසීන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

වැලිගම හල්ලල ජල ආරක්ෂණ කමිටුව විසින් පොල්අතුමෝදර ගඟ ආරක්ෂා කිරීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර මෙම වැඩසටහන ද ඔවුන්ගේ දායකත්වයෙන් සංවිධානය කරන ලදි.

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...