“සබ්බේ තසන්ති දණ්ඩස්ස - සියලු සත්ත්වයෝ දඬුවම ට බිය වෙති” යන පොසොන් තේමා පාඨය මුල් කර ගනිමින්
ශ්‍රී බුද්ධ වර්ෂ 2563 ක් වූ 2019 ජුනි මස 16 දිනට යෙදෙන පොසොන් පුර පසළොස්වක පෝය
දිනයට සමගාමීව මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ උපදෙස් පරිදි අද
(13) දින සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් හා හෙට (14) දින උදෑසන දානමය පින්කමක්
මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්වේ.
මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කාර්යාල 16 හි ද මෙවැනිම පින්කම් සංවිධානය
කර තිබේ.
ජුනි 12 දින සිට ජුනි 18 දින දක්වා වූ සතිය පොසොන් සතිය වශයෙන් රජය ප්‍රකාශයට
පත්කර ඇත. එම කාල සීමාව තුළ රජයේ සියලු ආයතනවල හා ගොඩනැගිලිවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමටත්
එම ගොඩනැගිලි පොසොන් සැරසිලි වලින් අලංකාර කිරීමටත් තීරණය කර තිබේ. එසේ ම දිවයින පුරා
සුරාසැල් හා මස් කඩ වසා තැබීමට ද රජය තීරණය කර ඇත.
සියලු ම ග්‍රාම නිලධාරීන් හා ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සහයෝගයෙන් ග්‍රාමීය මට්ටමින්
මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට කටයුතු කෙරේ. සියලු ම අන්‍යාගමිකයන්ගේ සහයෝගය ලබා ගෙන
ආගමික සංහිඳියාව වර්ධනය වන ආකාරයට පළාත්, දිස්ත්‍රික් හා ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස
මට්ටමින් රාජ්‍ය පොසොන් උත්සව සංවිධානය කිරීමට ද අභ්‍යන්තර, ස්වදේශ කටයුතු සහ සළාත්
සභා හා පළාත් පාලන අමාත්‍යංශය උපදෙස් ලබා දී ඇත.
No comments:
Post a Comment