Wednesday, June 12, 2019

මාතර දිස්ත්‍රික්කයේ ගොවීන්ට හිඟයකින් තොරව පොහොර ලබාදීමට පියවර


රජයේ සහනාධාර පොහොර හා අනෙකුත් පොහොර වර්ග හිඟයකින් තොරව මාතර දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව වෙත ලබා දිම සඳහා පියවර ගැනේ. ඒ සඳහා පවතින පවතින ගැටළු අවම කර ගැනීම සඳහා වූ වැඩසටහනක් මාතර දිස්ත්‍රික් පොහොර අනු කමිටුවේ සභාපති මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන්.එස්.කේ.වැල්ලහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

එහි දී කෘෂිකර්ම අමාත්‍යංශය මගින් නිර්දේශිත මිල ගණන් අනුව ම ගොවි ජනතාව වෙත පොහොර නිකුත් කළ යුතු බව ද අවධාරණය කෙරිණි.

රජයේ පොහොර සහනාධාර වැඩසටහන යටතේ 2019 යළ කන්නයේ මාතර දිස්ත්‍රික්කයේ වී වගා ඉලක්කය වන කුඹුරු හෙක්ටයාර් 14400 ක් හෙවත් කුඹුරු අක්කර 36000 ක් වගා කිරීම සඳහා රුපියල් මිලියන 267.93 ක් වැය කරමින් රසායනික පොහොර මෙට්‍රික් ටොන් 3874.84 ක් ලබා දීමට නියමිත ය.

ඒ යූරියා මෙට්‍රික් ටොන් 2008.55 ක් ද, ටී.එස්.පී. මෙට්‍රික් ටොන් 643.14 ක් දඑම්.ඕ.පී. මෙට්‍රික් ටොන් 1223.16 ක් ද වශයෙනි. මේ සඳහා වැය කරන මුදල රුලියල් මිලියන 267.93 ක් වන අතර ගොවීන් දරන්නේ රුපියල් මිලියන 38.74 කි. 2019 යළ කන්නය වෙනුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පොහොර සහනාධාරය සඳහා රජයේ වියදම රුපියල් මිලියන 229.18 ක් වේ.

කිලෝ 50 ක යූරියා පොහොර මිටියක් සඳහා රුපියල් 3550.31 ක මුදලක් දටී.එස්.පී.පොහොර මිටියක් සඳහා රුපියල් 3391.58 ක මුදලක් ද, එම්.ඕ.පී. පෙහොර මිටියක් සඳහා රුපියල් 3339.47 ක මුදලක් ද රජය වැය කරයි. එහෙත් කිලෝ 50 පොහොර මිටියක් සඳහා ගොවීන්ගෙන් අය කරන්නේ රුපියල් 500 ක මුදලකි. වගා කිරීමට නියමිත කුඹුරු ප්‍රමාණය මහා වාරිමාර්ග යෝජනා ක්‍රමය යටතේ කුඹුරු හෙක්ටයාර් 3611 ක් හෙවත් කුඹුරු අක්කර 9027.5 ක් ද, සුළු වාරිමාර්ග යෝජනා ක්‍රමය යටතේ කුඹුරු හෙක්ටයාර් 4293 ක් හෙවත් කුඹුරු අක්කර 10732.5 ක් දවාර්ෂා පෝෂිත යෝජනා ක්‍රමය යටතේ කුඹුරු හෙක්ටයාර් 6496 ක් හෙවත් කුඹුරු අක්කර 16240 ක් ද වශයෙන් කුඹුරු හෙක්ටයාර් 14400 ක් හෙවත් කුඹුරු අක්කර 36000 කි.

පොහොර අලෙවි කරුවන් සඳහා බලපත්‍ර ප්‍රදානය කිරීම ද මෙහි දී සිදු කරන ලදි.

මාතර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ අයි.ආර්.එන්.අබේදීර මහත්මිය, ජාතික පොහොර ලේකම් කාර්යාලයේ මාතර දිස්ත්‍රික් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂවරුන් වන බී.කේ.එච්.අජිත් මහතා, ආර්.ලොකුහේවා මහතා, ගොවි සංවිධාන නියෝජිතයින්, ලංකා පොහොර සමාගම, ලංකා පොස්පේට් පොහොර සමාගම, ඍජු පොහොර භාවිතයෙන් පොහොර මිශ්‍ර කරන පෞද්ගලික පොහොර සමාගම්, පොහොර අලෙවි නියෝජිතයින් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...