Monday, June 3, 2019

මාතර ක්ෂේත්‍ර නිලධාරීන්ගේ ප්‍රගතිය විමසා බැලේ


මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවය කරන ක්ෂේත්‍ර නිලධාරීන්ගේ ප්‍රගතිය පිළිබඳව විමසා 
බැලීමේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් එස්.කේ.වැල්ලහේවා 
මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර 
ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
 
රජයේ විවිධ අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු නියෝජනය කරමින් මාතර දිස්ත්‍රික්කයට පත්කර සිටින 
ක්ෂේත්‍ර නිලධාරීන්ට අදාළ අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු වලින් පවරා තිබෙන රාජකාරි ලයිස්තුව 
අනුව මෙහි දී ඉටුකරන ලද රාජකාරි අනුව ප්‍රගතිය ඉදිරිප් කරන ලදි. ඊට අමතරව තම රාජකිරියට 
පරිබාහිරව තම විෂය ක්ෂේත්‍රයට අදාළව මාතර දිස්ත්‍රික්කයේ හඳුනාගත් ගැටළුවක් පිළිබඳව විශේෂ 
ව්‍යාපෘතියක් සැලසුම් කිරීම ද සිදු කරන ලදි.
 
මේ අවස්ථාවට මාතර සහකාර දිස්ත්‍රික් ලේකම් නදී ජයවික්‍රම මහත්මිය ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් 
සහභාගි වී සිටියහ.

No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...