විදේශ රැකියා සංවර්ධන නිලධාරීන් විගමනිකයින් සම්බන්ධව ක්ෂේත්රයේ
රාජකාරි කටයුතු සිදු කිරීමේ දී ඔවුනට හඳුනාගැනීමට ලැබෙන විශේෂ ගැටළු, නීතිමය තත්ත්වයන්,
සෞඛ්‍ය ගැටළු, ආර්ථික ගැටළු හා සමාජීය තත්ත්වයන් ආදිය පිළිබඳව මෙහි දී ප්‍රායෝගික ක්‍රියාකාරකම්
සහිතව දැනුවත් කිරීම් සිදු කෙරිණි.
සුරක්ෂිත සංක්‍රමණය හා වින්දිතයන් සම්බන්ධව ශ්‍රී ලංකා විදේශ
සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යභාරය පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නීති) මුතුකුමාරණ මහතා විසින් දැනුවත් කිරීම සිදු කරන ලදි.
ලිංගාශ්‍රිතව බෝවන රෝග සම්බන්ධව හා ඒවා වළක්වා ගැනීම සඳහා
විගමනිකයින් කටයුතු කළයුතු ආකාරය පිළිබදව, ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු ආයතන හා පුද්ගලයින්
පිළිබඳව දේශනයක් මාතර මහරෝහලේ ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයෙහි මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන්
මහතා විසින් සිදු කරන ලදි.
මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල සේවය කරන
විදේශ රැකියා සංවර්ධන නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.
සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ සහයෝගයෙන් මාතර දිස්ත්‍රික්
ලේකම් කාර්යාලීය විදේශ රැකියා අංශය හා විදේශ රැකියා අමාත්‍යංශයේ මාතර දිස්ත්‍රික් සම්බන්ධීකාරක
අමිල අබේවර්ධන මහතා විසින් වැඩසටහන සංවිධානය කරන ලදි.
No comments:
Post a Comment