ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මගින් දීප ව්‍යාප්තව පවත්වනු
ලබන විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ මාතර දිස්ත්‍රික් වැඩසටහන ජාතික
ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති නීතිඥ එච්.එම්.අබේරත්න මහතාගේ හා මාතර අතිරේක දිස්ත්‍රික්
ලේකම් නිශාන් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය
ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මෙහි දී පාසල හා යහපත් සමාජ සංවර්ධනය පිළිබඳව ජාතික
ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති නීතිඥ එච්.එම්.අබේරත්න මහතා විසින් මාතර දිස්ත්‍රික්කයේ
විදුහල්පතිවරුන් දැනුවත් කරන ලදි. පාසල් ළමුන් මත්ද්‍රව්‍ය භාවිතය නිසා සිදුවන සමාජ
පරිහානිය හා පාසල සුරක්ෂිත පරිසරයක් බවට පත් කිරීම පිළිබඳව කඹුරුපිටිය රෝහලේ මනෝ වෛද්‍ය
චතුර අබේසූරිය මහතා විසින් විදුහල්පතිවරුන් දැනුවත් කෙරිණි.
මේ අවස්ථාවට මාතර සහකාර දිස්ත්‍රික් ලේකම් නදී ජයවික්‍රම
මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා මාතර දිස්ත්‍රික්කයේ විදුහල්පතිවරු ඇතුළු පිරිසක්
සහභාගි වී සිටියහ.
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හා මාතර දිස්ත්‍රික් ලේකම්
කාර්යාලය එක්ව මෙම වැඩසටහන සංවිධානය කරන ලස බව ප්‍රාදේශිය ළමා ආරක්ෂක නිලධාරී යූ.ජී.කුසුම්ලතා
මහත්මිය පැවසුවා ය.
No comments:
Post a Comment