නිල්වලා සහ ගිංගං මිටියාවතේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස
පැවැත්වෙන මාතර - කොටපොල ඓතිහාසික ගැටබරුව රාජමහා විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වනු
ලබන ඇසළ මහා පෙරහැර මංගල්‍යය 66 වැනි වතාවට මෙවරත් සැත්තැම්බර් 08 වැනිදා
සිට 15 වැනිදා දක්වා අලි ඇතුන්, පහත රට, උඩරට හා සබරගමුව
යන කලා සම්ප්‍රදායන්
වලට අයත් නර්තන කණ්ඩායම් විශාල ප්‍රමාණයක් සහිතව පැවැත්වෙන බව ගැටබරු රජමහා විහාරස්ථානයේ කෘත්‍යාධිකාරි
සහ ඇසළ උත්සව කමිටුවේ ප්‍රධාන ලේඛකාධිකාරි ආචාර්ය කිරින්දේ ආනන්ද ස්වාමීන් වහන්සේ
පැවසූහ.
ගැටබරුව ඇසළ මහා පූජෝත්සවය සඳහා කප් සිටුවීම සැප්තැම්බර්
මස 08 වැනි දින
අළුයම 3.36 යෙදෙන
සුභ මොහොතින් සිදුවන අතර සැත්තැම්බර් 08 වන දින රාත්‍රි උඩමළුවේ දී සර්ව රාත්‍රික
පරිත්‍රාණ ධර්මදේශනාවක් පවත්වා රටට ජාතියට හා රට වැසියන්ට ත්‍රිවිධ රත්නයේ
ආශිර්වාදය ප්රාර්ථනාකර සහ පසුදින සංඝගත දක්ෂිණාවක් පවත්වා
දෙවියන්ට පුණ්‍යානුමෝදනා කර 2019 ගැටබරු ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ කටයුතු ආරම්භ කෙරේ.
සැප්තැම්බර් 09 දින සවස 3.00 ට
පළමු පේලි පෙරහැර හිගුරුපනාගල ප්‍රදේශයෙන් ද සැප්තැම්බර් 10
දින සවස 3.00
ට දෙවන පේලි පෙරහැර වරල්ල ප්‍රදේශයෙන් ද සැප්තැම්බර්
11 දින සවස 3.00 ට
තුන්වන පේලී පෙරහැර කොස්මෝදර ප්‍රදේශයෙන් ද ආරම්භ කර ගැටබරුව රාජහා විහාරස්ථානය
දක්වා ගමන්
කෙරේ.
සධාතුක කරඬුව මංගල හස්ථි
රාජයා මත තැන්පත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් 12 දින සවස 4.00 ට පළමුවන රන්දෝලි මහා පෙරහැර මොරවක්කෝරළේ තේ
නිපදවන්නන්ගේ සමුපකාර සමිතිය දක්වා ගමන් කර නැවත ගැටබරුව රාජමහා විහාරස්ථානය කරා පැමිණේ.
බිනර පුර පසලොස්වක පොහොය යෙදෙන සැප්තැම්බර් 13 දින
සවස 4.00 ට
සධාතුක කරඬුව මංගල හස්ථි රාජයා මත තැන්පත් කිරීමෙන් පසු අවසන් රන්දෝලි
මහා පෙරහැර ගල්දොල මංසන්ධිය දක්වා වීථි සංචාරය කර නැවත විහාරස්ථානයට පැමිණීමට නියමිත
ය.
සැප්තැම්බර් 09 දින සිට සැප්තැම්බර් 15 දින දක්වා ගණ්ඩ තීන්දු
ජාතක කතා පුවත විදහා දක්වමින් ගැටබරුව මංසන්ධියේ තොරණ ප්‍රදර්ශනය කෙරේ.
ගැටබරුව පෙරහැර ඉතිහාසය පිළිබදව සොයා
බැලීමේ දී 1953 වර්ෂයේ ආරම්භ කළ ගැටබරුව පෙරහැර 1965 වර්ෂය දක්වා උඩමළුවේ අභ්‍යන්තර
පෙරහැරක් ලෙස දහවල් කාලයේ පවත්වා ඇත. 1966 වර්ෂයේ සිට 1970 වර්ෂය දක්වා රාත්‍රී
පෙරහැරක් බවට පරිවර්තනය කර පෙරහැර පවත්වා තිබේ. නැවතත් 1970
සිට රටේ
පැවැති වාතාවරණය නිසා දහවල් පෙරහැරක් ලෙස වර්ෂ ගණනාවක් යන තෙක් පවත්වා ඇත.
ගැටබරුව ඇසළ මහා පෙරහැර මංගල්‍යයට පැමිණෙන
බැතිමතුන්ගේ සනීපාරක්ෂක පහසුකම්, ආරක්ෂාව, ප්‍රවාහන පහසුකම් ආදී කටයුතු පෙර වර්ෂ
වල මෙන්ම විධිමත්ව සිදුකිරීමට නියමිත අතර කොටපොල ප්‍රාදේශීය ලේකම් ගනේෂ අමරසිංහ මහතාගේ අධික්ෂණය
යටතේ සියලු පොදු පහසුකම් සැපයීම රජය වෙනුවෙන් සිදුවන අතර ප්‍රදේශයේ
රාජ්‍ය ආයතන සහ පෞද්ගලික අංශය ද බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට ඉදිරිපත්ව සිටිති.
ගැටබරුව ඇසළ උත්සව සංවිධාන කමිටුව මෙහි සියලු කටයුතු සංවිධානය
කරති.
සැප්තැම්බර් 14 හා 15 දෙදින රාත්‍රි ගම්මඩු මහා දේව තොවිලය උඩමළුවේ දී පැවැත්වේ.
ගිණි පෑගීම සැප්තැම්බර් 15 දින අළුයම සිදු කෙරෙන අතර එදින දහවල් දේව
දානය පිරිනැමීමෙන් අනතුරුව ගැටබරුව ඇසළ මහා පෙරහැර මංගල්‍යය නිමාවට පත්කෙරෙන
බව ආනන්ද හිමියෝ වැඩිදුරටත් පැවසූහ.
No comments:
Post a Comment