රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වෙන මාතර අප ස්වාමිදුවගේ ජාතික
සිද්ධස්ථානයේ 112 වන වාර්ෂික මංගල්‍යය හෙට (06) සිට ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙන
බව සිද්ධස්ථාන පරිපාලක ගරු මයිකල් කොලින් පියතුමා පවසයි.
අගෝස්තු මස 29 වැනිදා ප.ව.4.00 ට කොඩි ගස එසවීමෙන් 2019 වාර්ෂික
මංගල්‍යයේ කටයුතු ආරම්භ කරන ලදි. අගෝස්තු 30 දින සිට සැප්තැම්බර් 05 දින දක්වා දිනපතා
ප.ව. 4.30 ට ජපමාලය, දිව්‍ය පූජාව හා නුවායනය සිදු කෙරේ.
ගාලු රදගුරු පදවි අනුනායක ගරු චාල්ස් හේවාවසම් පියතුමාගේ
ප්‍රධානතවයෙන් සැප්තැම්බර් 06 ප.ව. 4.30 ට දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍යය, සත්ප්‍රසාද
වන්දනාව හා පෙරහැර පැවැත්වේ. සැප්තැම්බර් 07 පෙ.ව. 8.30 ට, පෙ.ව. 10.00 ට හා පෙ.ව.
11.30 ට දිව්‍ය පූජාව පැවැත්වේ. එදින ම ප.ව. 3.30 ට රත්නපුර පදවි රදගුරු තැන්පත් දේව
ධර්මාචාර්ය ක්ලීටස් චන්ද්‍රසිරි පෙරේරා රදගුරු හිමිපාණන් සහ ගාලු රදගුරු තැන්පත් රේමන්
වික්‍රමසිංහ රදගුරු හිමිපාණන් වහන්සේලා පිළිගැනීම සිදු කෙරේ.
සැප්තැම්බර් 07 දින සවස 4.15 ට ජපමාලය, ප්‍රාර්ථනාව, සන්ධ්‍යා
මෙහෙය සහ මාතර අප ස්වාමිදුවගේ ප්‍රතිමාව රැගත් පෙරහැර වීථි සංචාරය කිරීම සිදු කිරීමට
නියමිත ය.
මංගල මහා දිව්‍ය යාගය සැප්තැම්බර් 08 දින පෙ.ව. 8.00 ට පැවැත්වේ.
එදින අමතර දිව්‍ය යාගයන් පෙ.ව. 4.00 ට සිංහල භාෂාවෙන් ද, පෙ.ව. 5.00 ට සිංහල භාෂාවෙන්
හා දෙමළ භාෂාවෙන් ද, පෙ.ව. 6.00 ට සිංහල භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන් ද, මධ්‍යාහ්න
12.00 ට සිංහල භාෂාවෙන් ද, ප.ව. 5.00 ට සිංහල භාෂාවෙන් ද පැවැත්වීමෙන් අනතුරුව වාර්ෂික
මංගල්‍යයේ කටයුතු නිමාවට පත් කෙරේ.
සැප්තැම්බර් 05 වනදා සිට මංගල්‍යය සඳහා පැමිණෙන බැතිමතුන්ට
ආසන්න පාසල්වල නවාතැන් පහසුකම් සපයනු ලැබේ.
සැප්තැම්බර් 07 වැනිදා හලාවත (බංගදෙණිය) සිට මාතර දක්වා සහ
සැප්තැම්බර් 08 වැනිදා මාතර සිට හලාවත (බංගදෙණිය) දක්වා විශේෂ දුම්රිය සේවාවන් ක්‍රියාත්මක
කෙරේ.
මංගල්‍යයට පැමිණෙන බැතිමතුන්ගේ සනීපාරක්ෂක පහසුකම්, ආරක්ෂාව,
ප්‍රවාහන පහසුකම් ආදී කටයුතු පෙර වර්ෂ වල මෙන්ම විධිමත්ව සිදුකිරීමට නියමිත අතර මාතර
දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ අධික්ෂණය
යටතේ සියලු පොදු පහසුකම් සැපයීම රජය වෙනුවෙන් සිදුවන අතර ප්‍රදේශයේ
රාජ්‍ය ආයතන සහ පෞද්ගලික අංශය ද බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට ඉදිරිපත්ව සිටිති.
No comments:
Post a Comment