ගම්පෙරලිය කඩිනම් සංවර්ධන වැඩසටහන මගින් 2019 වර්ෂයේ ව්‍යාපෘති
3012 ක් සඳහා රුපියල් මිලියන 1712.85 ක මූල්‍ය ප්‍රතිපාදන මාතර දිස්ත්‍රික්කයට ලැබී
ඇති බව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ක්‍රමසම්පාදන අංශය සඳහන් කරයි.
මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දහසයෙහි
පිහිටි ග්‍රාම නිලධාරී
වසම් 650
කේන්ද්‍රකර ගනිමින් ගම්පෙරලිය කඩිනම් සංවර්ධන වැඩසටහන මගින්
සෑම ගමකම හරිත උද්‍යානය බැගින් පිහිටු වීමට නියමිත අතර ගම්වල ඇති කුඩා
වැව් ද ප්‍රතිසංස්කරණය කෙරේ. ග්‍රාමීය ජනතාවගේ ශරීර සෞඛ්‍ය රැක ගැනීමට අවශ්‍ය
ව්‍යායාම හා ක්‍රීඩා පහසුකම් සංවර්ධනය කිරීම, පුස්තකාල පහසුකම් ලබා දීම, පොදු
කටයුතු සඳහා මධ්‍යස්ථාන ඇති කිරීම හා සන්නිවේදන කටයුතු සඳහා වයිෆයි
පහසුකම් ලබා දීම ආදී කටයුතු රාශියක් මේ යටතේ සිදු කිරීමට නියමිතය.
ගම් වල වැව් හා අමුණු ප්‍රතිසංස්කරණය
කිරීම, ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීම, පාසල් සනීපාරක්ෂක පහසුකම් දියුණු කිරීම, පාසැල්
ක්‍රීඩාංගන සංවර්ධනය කිරීම, ‘සතිපොළ’
ප්‍රවර්ධනය කිරීම, ‘හරිත
උයන’ වැඩසටහන ආරම්භ කිරීම, විදුලි පහසුකම් සැපයීම, පන්සල් / කෝවිල් / පල්ලි ප්‍රතිසංස්කරණය
කිරීම, පුරාවිද්‍යා ස්ථානවල සංචාරක ආකර්ෂණය සඳහා පුනරුත්ථාපන කටයුතු සිදු කිරීම, ග්‍රාමීය
හා නාගරික මට්ටමින් නිවාස සංවර්ධනය, ඉඩම් ඔප්පු නිකුත් කිරීම, ‘ව්‍යවසාය ශ්‍රී ලංකා’
වැඩ සටහන ක්‍රියාත්මක කිරීම ආදී ව්‍යාපෘති රැසක් මේ යටතේ ක්‍රියාත්මක කෙරේ.
මේ වන විට මාතර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක මුළු ව්‍යාපෘති
සංඛ්‍යාව 3012 ක් වන අතර ඒ සඳහා රුපියල් මිලියන 1712.85 ක මුදලක් අනුමත වී තිබේ. ඇස්තමේන්තු
සකස් කිරීමට ඇති වැඩ යෝජනා ගණන 638 කි. ව්‍යාපෘති 214 ක ඇස්තමේන්තු සකස් කර අවසන් ය.
ව්‍යාපෘති 199 ක ගිවිසුම් අත්සන් කර තිබෙන අතර ව්‍යාපෘති 628 ක වැඩ ආරම්භ කර තිබේ.
වැඩ අවසන් කර ඇති ව්‍යාපෘති සංඛ්‍යාව 1333 කි. ඒ සඳහා රුපියල් මිලියන 290.58 ක් මේ
වන විට ගෙවා අවසන් ය. සමස්ත ව්‍යාපෘති වලින් 50% ක වැඩ අවසන් කර ඇති බව ක්‍රමසම්පාදන අංශය වැඩිදුරටත් සඳහන් කරයි.
No comments:
Post a Comment