කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ 2013 වර්ෂයේ සිට 2015 වර්ෂය
දක්වා වසර 03ක් වැනි කාල පරිච්ජේදයක් තුළ මාතර දිස්ත්‍රික්කයේ ගොවීන් වෙනුවෙන්
ආරක්ෂිත ගෘහ 157ක් වැනි විශාල සංඛ්‍යාවක් ලබාදී ඇති බවත් ඉන් මේවන විට ගෘහ 30 ක්
අක්‍රීය මට්ටමේ පවතින බවත් මාතර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ අයි.ආර්.එන්.අබේදීර
මහත්මිය පවසයි.
ඇය මේ අදහස් පළකළේ මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්)
නිශාන් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර
ශ්‍රවණාගාරයේ දී පසුගියදා පැවති මාතර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේ දී ය.
පසුගිය කෘෂිකර්ම කමිටු රැස්වීමේ දී ගන්නා ලද තීන්දු තීරණ
ක්‍රියාත්මක වීම පිළිබඳ ප්‍රගතිය, කෘෂිකර්මාන්තයට
සම්බන්ධ ආයතනවල මාසික ප්‍රගතිය, ප්‍රාදේශීය කෘෂිකර්ම
කමිටු වලින් පැන නගින ගැටළු පිළිබඳව, දිස්ත්‍රික්
කෘෂිකර්ම කමිටුව වෙත එවන ලද ලිපි පිළිබඳව, පසුගිය කන්නයේ
හා ඉදිරි කන්නයේ කෘෂිකාර්මික කටයුතු පිළිබඳව මෙහි දී සාකච්ඡා කරන කෙරිණි.
තරුණ කෘෂි ව්‍යවසායකත්ව වැඩසටහන, වානිජ්‍ය ගොවිපල
වැඩසටහන සහ 2015 වර්ෂයේ පවත්වන ලද ගොවි සතියට සමඟාමීව මෙම ආරක්ෂිත ගෘහ ගොවීන්ට ලබා
දී තිබෙන අතර මෙම ආරක්ෂිත ගෘහ තුළ නියමිත තාක්ෂණික නිර්දේශ අනුගමනය නොවන බව ද,
විවෘත ක්ෂේත්‍රයේ වගා කළ හැකි බෝග මෙම ගෘහ තුළ වගා කිරීම ද ඇතැම් ගොවීන් සිදු කරන
බව ද දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ වරිය තවදුරටත් පැවසුවා ය.
තාක්ෂණික උපදෙස් සහ වෙළෙඳ පොළ අරමුණු කර ගෙන මෙම ගෘහ තුළ
නිර්දේශිත බෝග වගා කිරීමට උනන්දුව, ශක්තිය සහ අවශ්‍යතාව තිබෙන ප්‍රතිලාභීන් සිටී
නම් ඔවුන් හඳුනාතෙන එම ප්‍රතිලාභීන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිත
ය.
මේ අවස්ථාව සඳහා දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රාදේශීය
ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් ප්‍රාදේශීය ලේකම් වරුන් ඇතුළු කෘෂිකර්මාන්තයට
සම්බන්ධ රාජ්‍ය නිලධාරීන්, පුද්ගලික අංශය සහ ගොවි සංවිධාන
නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
No comments:
Post a Comment