Wednesday, September 18, 2019

ළමා ආරක්ෂාව සම්බන්ධව මාතර දිස්ත්‍රික්කයේ විදුහල්පතිවරු දැනුවත් කෙරේ

ළමා ආරක්ෂාව සම්බන්ධව මාතර දිස්ත්‍රික්කයේ විදුහල්පතිවරු දැනුවත් කෙරේ


ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මගින් දීප ව්‍යාප්තව පවත්වනු ලබන විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ මාතර දිස්ත්‍රික් වැඩසටහන ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති නීතිඥ එච්.එම්.අබේරත්න මහතාගේ හා මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් නිශාන් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
 
මෙහි දී පාසල හා යහපත් සමාජ සංවර්ධනය පිළිබඳව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති නීතිඥ එච්.එම්.අබේරත්න මහතා විසින් මාතර දිස්ත්‍රික්කයේ විදුහල්පතිවරුන් දැනුවත් කරන ලදි. පාසල් ළමුන් මත්ද්‍රව්‍ය භාවිතය නිසා සිදුවන සමාජ පරිහානිය හා පාසල සුරක්ෂිත පරිසරයක් බවට පත් කිරීම පිළිබඳව කඹුරුපිටිය රෝහලේ මනෝ වෛද්‍ය චතුර අබේසූරිය මහතා විසින් විදුහල්පතිවරුන් දැනුවත් කෙරිණි.

මේ අවස්ථාවට මාතර සහකාර දිස්ත්‍රික් ලේකම් නදී ජයවික්‍රම මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා මාතර දිස්ත්‍රික්කයේ විදුහල්පතිවරු ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව මෙම වැඩසටහන සංවිධානය කරන ලස බව ප්‍රාදේශිය ළමා ආරක්ෂක නිලධාරී යූ.ජී.කුසුම්ලතා මහත්මිය පැවසුවා ය.

Tuesday, September 17, 2019

හක්මණ නව ප්‍රාදේශිය ලේකම් බී.එස්.රංජිත මහතා වැඩභාර ගනී


හක්මණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ නව ප්‍රාදේශිය ලේකම් වරයා වශයෙන් බී.එස්.රංජිත මහතා වැඩබාර ගැනීම ඊයේ (17) හක්මණ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දී සිදු විය.
 
දික්වැල්ල ප්‍රාදේශිය ලේකම් වරයා වශයෙන් කටයුතු කළ ඒ මහතාගේ වැඩ බාර ගැනීමේ අවස්ථාවට හක්මණ හිටපු ප්‍රාදේශිය ලේකම් කුසලක නානායක්කාර මහතා සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

මනෝජ් සිරිසේන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිව්රුම් දෙයි

දකුණු පළාත් ‍ක්‍රීඩා හා යෞවන කටයුතු, සංස්කෘතික හා කලාකටයුතු, සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා, වනිතා කටයුතු හා ගෘහ ආර්ථික ප‍්‍රවර්ධන, නිවාස හා ඉදිකිරීම්, මිනිස් බල හා රැකීරක්ෂා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මනෝජ් සිරිසේන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා ඉදිරියේ දිවුරුම් දීම ඊයේ දින සිදු කෙරිණි. 
 
ඒ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මාතර දිස්ත්‍රික් හිටපු නායක අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර මහතාගෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහායි.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...