Tuesday, April 24, 2018

2018 - දකුණේ නැවුම් තේ මංගල්‍ය මහෝත්සවය අප්‍රේල් 30 වැනිදා ගැටබරුව රාජමහා විහාරස්ථානයේ දී


ඉන්දික විජේසිරි
මාතර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

වසර 150 ට වැඩි ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය අභිමාණයෙන් සමරනු වස් දකුණු පළාතේ තේ කම්හල් හිමියන් සහ කුඩා තේ ඉඩම් හිමියන් විසින් දෙවන වරටත් ඉත් උත්කර්ෂවත් අන්දමින් සංවිධානය කරන 2018 - නැවුම් තේ මංගල්‍යය වැවිලි කර්මාන්ත ගරු අමාත්‍ය නවීන් දිසානායක මැතිතුමාගේ හා තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් 30 වන සඳුදා දින පෙ.ව. 8.00 සිට කොටපොල ඓතිහාසික ගැටබරු රාජමහා විහාරස්ථානයේ දී පැවැත්වේ.

දකුණු පළාතේ නැවුම් තේ මංගල්‍ය මහෝත්සවයේ අනුශාසක පූජ්‍ය ආචාර්ය කිරින්දේ ආනන්ද හිමියන්ගේ සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති තුමා ඇතුළු සංවිධායක කමිටුවේ මෙහෙයවීමෙන් එදින පෙ.ව. 8.00 ට කිරිපිඬු ආහාර බුද්ධ පූජාව හා නැවුම් තේ මංජුසා රැගත් පෙරහැර මොරවක්කෝරළේ තේ නිපදවන්නන්ගේ සමුපකාර කමිති පරිශ්‍රයේ සිට ආරම්භ කෙරේ. 

පෙ.ව. 11.00 ට තිලෝගරු බුදු රජාණන් වහන්සේ උදෙසා සිදු කරන නැවුම් තේ මංගල්‍ය චාරිත්‍රය උඩ මළුවේදී සිදු කිරීමට නියමිත ය.

පෙ.ව. 11.30 ට විශේෂ ආශිර්වාද පූජාව රජ්ජුරු බණ්ඩාර දේව මන්දිරයේ දී සිදු කෙරේ.


No comments:

Post a Comment

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 ක් පීඩාවට ..... මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති

  මාතර දිස්ත්‍රික්කය ට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අද (01) ප.ව.4.00 වන විට දිස්ත්‍රික්කයේ පවුල් 828 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ප...