සංවර්ධනය හා සාමය සඳහා ක්‍රීඩාව පිළිබඳ ජාත්‍යන්තර
දිනයට සමගාමීව මාතර දී පැවති සුහද ක්‍රිකට් තරඟාවලියේ සූරතාව හක්මණ ප්‍රාදේශිය
ලේකම් කාර්යාලය දිනාගනී
(ඉන්දික
විජේසිරි - මාතර දිස්ත්‍රික්
මාධ්‍ය ඒකකය)
රාජ්‍ය ආයතන
අතර සුහදතාවය හා සහජීවනය ඇතිකරලීම අරමුණුකර ගනිමින් අප්‍රේල් 06 දිනට යෙදී ඇති
සංවර්ධනය හා සාමය සඳහා ක්‍රීඩාව පිළිබඳ ජාත්‍යන්තර දිනයට සමගාමීව මාතර සනත්
ජයසූරිය ක්‍රීඩාංගණයේ දී පැවති සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියේ සූරතාව හක්මණ ප්‍රාදේශිය
ලේකම් කාර්යාලය විසින් දිනාගන්නා ලදි. අනුසූරතාව කඹුරුපිටිය ප්‍රාදේශිය ලේකම්
කාර්යාලයට හා තෙවන ස්ථානය සත්කාරක තිහගොඩ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට හිමි විය.
තරඟාවලියේ
වීරයා සහ දක්ෂතම පිතිකරු කඹුරුපිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය නියෝජනය කළ
සිරබද්ධන මහතා හිමිකරගත් අතර අවසන් තරඟයේ වීරයා හක්මණ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය
නියෝජනය කළ මහේෂ් ගුණතිලක මහතා හා දක්ෂතම පන්දු යවන්නා එම කණ්ඩායමේම බුද්ධික මහතා
හිමිකර ගත්හ.
තරඟාවලියේ
සමාප්ති උත්සවය සනිටුහන් කිරීම සඳහා මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක
මහතා, මාතර මහා නගර සභාවේ පුරපති රංජිත් යසරත්න මහතා, කඹුරුපිටිය ප්‍රාදේශිය
ලේකම් නිල්මිණී හේරත් මහත්මිය හා තිහගොඩ ප්‍රාදේශිය ලේකම් උමේෂා මාතරගේ මහත්මිය
ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
මෙහි කුසලාන
සඳහා එස්.පෝල්රාජ් මහතා අනුග්‍රහය දක්වන
ලද අතර ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව ද අනෙකුත් සහායයන් දක්වා ඇත.
මෙම තරඟාවලිය
සඳහා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය සැහැල්ලු පන්දු ක්‍රිකට් කණ්ඩායම, මාතර ප්‍රාදේශිය
ලේකම් කාර්යාලීය සැහැල්ලු පන්දු ක්‍රිකට් කණ්ඩායම, හක්මණ ප්‍රාදේශිය ලේකම්
කාර්යාලීය සැහැල්ලු පන්දු ක්‍රිකට් කණ්ඩායම, කඹුරුපිටිය ප්‍රාදේශිය ලේකම්
කාර්යාලීය සැහැල්ලු පන්දු ක්‍රිකට් කණ්ඩායම, මුලටියන ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය
සැහැල්ලු පන්දු ක්‍රිකට් කණ්ඩායම, තිහගොඩ ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය සැහැල්ලු
පන්දු ක්‍රිකට් කණ්ඩායම, දෙවිනුවර ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය සැහැල්ලු පන්දු ක්‍රිකට්
කණ්ඩායම හා මාලිම්බඩ ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය සැහැල්ලු පන්දු ක්‍රිකට් කණ්ඩායම
වශයෙන් කණ්ඩායම් අටක් තරඟාවලියට සහභාගි විය.
තිහගොඩ ප්‍රාදේශිය
ලේකම් කොට්ඨාසයේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරඟාවලිය මාතර දී පැවැත්වීමට ජාතික
සහජීවන සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යංශය හා තිහගොඩ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය
කටයුතු කළ බව ජාතික ඒකාබද්ධතා ප්‍රවර්ධන නිලධාරී එම්.පී. සමන්ත ලියනාරච්චි මහතා
පවසීය.
No comments:
Post a Comment